Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු කොටසේ තරගයක් වශයෙන් බෝගම්බර ක්‍රීඩා පිටියේදී පැවැති වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලත් තර්ස්ටන් විදුහලත් අතර තරඟයෙන් ලකුණු 33-20 ක තවත් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සුමංගල පිල සමත් විය.
ජයග්‍රාහී සුමංගල පිල ප්‍රසාද ලකුණු ද සමගින් ගෝල දිනුම් 04 ක් සහ එක් උත්සාහයක දිනුමක් මගින් ලකුණු රැස්කළ අතර තර්ස්ටන් පිල ගෝල දිනුම් 02ක් සහ ඩ්‍රොප් ගෝලයක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළේය.
ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 13-07ක් වශයෙන් තර්ස්ටන් පිල ඉදිරියෙන් විය.
වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල මේ වනවිට තරග දෙකක ජය වාර්තා කොට තිබෙන අතර මීට පෙර ඔවුන් විද්‍යාර්ථ විදුහල ද පරාජය කිරීමට සමත් විය.
ජයග්‍රාහී සුමංගල පෙළ වෙනුවෙන් තරුෂ තීක්ෂණ, රිස්මින දිල්ෂාන්, තරුෂ දිල්ෂාන් ආදිත්‍ය රත්නායක සහ සමිත සන්තුක යන ක්‍රීඩකයන් එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළේය. පසිඳු සමරකෝන් ප්‍රවර්තන 04 ක් සාර්ථක කර ගත්තේය.
තර්ස්ටන් විදුහල වෙනුවෙන් සිතිජ ජයතිලක උත්සාහක දිනුම් 02ක්ද ඉසිත අපූර්ව එක් ඩ්‍රොප් ගෝලයක්ද අමිඳු රාජපක්ෂ ප්‍රවර්තන 02ක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය. ඉශංක අබේකෝන් මහතා තරග විනිසුරු වශයෙන් කටයුතු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.