Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.එච්. ආක්‍රමණය හමුවේ පොලිසිය පසුබසියි

සී.එච්. ආක්‍රමණය හමුවේ පොලිසිය පසුබසියි

editorial - 2022 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර ඉරිදා (13 වැනිදා) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැති තරගයෙන් ලකුණු 25-22 ක ජයක් වාර්තා කිරීමට සී.එච්. ක්‍රීඩා සමාජය සමත් විය. මෙවර තරගාවලියේ තරග 7 කදී සී.එච්. කණ්ඩායම ලැබූ සිවුවැනි ජයග්‍රහණය මෙය විය.

පළමු අර්ධය අවසානයේ කණ්ඩායම් දෙකම ගෝල දිනුම බැගින් වාර්තා කරමින් ලකුණු 05-05 ක් ලෙස සම තත්ත්වයේ පසුවිය. සී.එච්. ක්‍රීඩා සමාජය වෙනුවෙන් අවන්ත ලීද (22 වැනි විනාඩියේදී), පොලිසිය වෙනුවෙන් අදිස රෂ්මිකද (38 වැනි විනාඩියේදී) පළමු අර්ධයේදී උත්සාහක දිනුම් වාර්තා කළහ.

දෙවැනි අර්ධයේදී සී.එච්. කණ්ඩායම ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සමග ලකුණු 20 ක් රැස්කළ අතර පොලිසිය ලකුණු 17 ක් රැස්කළේ ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් සමගිනි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට සී.එච්. කණ්ඩායමට ලකුණු 3 ක තියුණු ජයක් හිමිවිය.

සී.එච්. කණ්ඩායම වෙනුවෙන් දෙවැනි අර්ධයේදී ප්‍රසාත් මධුෂංක (62 වැනි සහ 67 වැනි විනාඩිවලදී) උත්සාහක දිනුම් දෙකක්ද, ෂෙහාන් ඩයස් (71 වැනි විනාඩියේදී) එක් උත්සායක දිනුමක්ද ලබාගත් අතර ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් සාර්ථක කරගැනීමට රෝහිත රාජපක්ෂ සමත් විය. 45 වැනි විනාඩියේදී සී.එච්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ හිරුෂ සම්පත් විසිනි.

තරගයේ 42 වැනි විනාඩියේදී පොලිසියට හිමිවූ දඬුවම් පහර සාර්ථක කරගත් යොහාන් පීරිස්, ඉන් නොනැවතී 52 වැනි විනාඩියේදී හෂාන් ප්‍රනාන්දු ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනයද සාර්ථක කර ගත්තේය. 79 වැනි විනාඩියේදී මොහාන් විමලරත්න පොලිසිය වෙනවෙන් තවත් උත්සාහක දිනුමක් ලබාගත් අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට මනිල්ක සුලක්ෂණ රුබේරු සමත් විය.

සී.එච්. කණ්ඩායමේ ප්‍රසාත් මධුෂංක (48 වැනි විනාඩියේදී) සහ සුහිරු ඇන්තනී (52 වැනි විනාඩියේදී) ද, පොලිස් කණ්ඩයමේ හෂාන් ප්‍රනාන්දු (28 වැනි විනාඩියේදී) සහ උදාර සූරියප්පෙරුම (62 වැනි විනාඩියේදී) ද විනිසුරුවන්ගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පතක් ලැබූහ. මෙම තරගය තුළදී සී.එච්. කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 7 ක්ද, පොලිස් කණ්ඩායම ක්‍රීඩක ආදේශ කිරීම් 8 ක්ද සිදු කළහ.

 


අදහස් (0)

සී.එච්. ආක්‍රමණය හමුවේ පොලිසිය පසුබසියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.