Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ සී.එච්. පරදවති
අන්තර් සමාජ පළමු පෙළ

සී.ආර්. ක්‍රීඩකයෝ සී.එච්. පරදවති

editorial - 2023 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ සිවුවැනි සතිය යටතේ අද (29 වැනිදා) ලෝන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා එරෙහිව ලකුණු 28-23 ක තියුණු ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය.
 
තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 13-10 ක් ලෙස පෙරමුණ ගත් සී.ආර්. කණ්ඩායම, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 15 ක් එක්කර ගත්තේය. දෙවැනි අර්ධයේදී තරමක් ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක නිරත වූවද, එහිදී සී.එච්. කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි. 

සී.ආර්. කණ්ඩායම ගෝල දිනුමක්, උත්සාහක දිනම් 3 ක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු ලබාගනිද්දී, සී.එච්. කණ්ඩායම ලකුණු ලබාගත්තේ ගෝල දිනුම් 2 ක් සහ දඬුවම් පහර 3 ක් මගිනි. සී.ආර් කණ්ඩායමේ අෂාන් ඩාර්ලිං, සී.එච්. කණ්ඩායමේ චරිත් සිල්වා, දුෂ්මන්ත ප්‍රියදර්ෂණ සහ ගිහාන් පෙරේරා එහිදී විනිසුරුවන්ගේ දැඩි අවවාද සමග කහ කාඞ්පත් ලැබූහ. 

සී.එච්. කණ්ඩායම වෙනුවෙන් ප්‍රසාත් මධුෂංක (40 වැනි විනාඩියේදී) සහ දිනේෂ් ලක්ෂාන් (46 වැනි විනාඩියේදී) උත්සාහක දිනුම් ලබාගත් අතර ඒවාහි ප්‍රවර්ථන මෙන්ම 22 වැනි, 63 වැනි සහ 74 වැනි විනාඩිවලදී සී.එච්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 3 ක්ද සාර්ථක කරගැනීමට හිරුෂ නෙත්මිණ සමත් විය.  

ලසිඳු කරුණාතිලක 28 වැනි විනාඩියේදීද, රුන්ඩි සිල්වා 39 වැනි විනාඩියේදීද, මනිල්ක සුලක්ෂණ 45 වැනි විනාඩියේදීද, අචිත රදීෂාන් 59 වැනි විනාඩියේදීද සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත් අතර ඉන් එක් උත්සාහක දිනුමක ප්‍රවර්ථනයක් මෙන්ම සී.ආර්. කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර 2 ක්ද (10 වැනි සහ 69 වැනි විනාඩි වලදී) සාර්ථක කරගනු ලැබුවේ තේනුක නානායක්කාර විසිනි. 


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ සී.එච්. පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.