Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ යුද හමුදාව පරදවති
අන්තර් සමාජ රග්බි

සී.ආර්. ක්‍රීඩකයෝ යුද හමුදාව පරදවති

editorial - 2023 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පළමු සතිය යටතේ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 55-08 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. 

පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 36-03 ක් ලෙස පෙරමුණ ගත් සී.ආර්. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු මල්ලට තවත් ලකුණු 19 ක් එක්කර ගත්තේ යුද හමුදා ක්‍රීඩකයන් ලකුණු 5 කට සීමා කරමිනි. 

පළමු අර්ධයේදී සී.ආර්. කණ්ඩායම ගෝල දිනුම් 4 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස්කළ අතර යුද හමුදා ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ දඬුවම් පහරක් මගිනි. දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් ලබාගැනීමට සී.ආර්. ක්‍රීඩකයන් සමත් වෙද්දී, යුද හමුදාවට ලබාගත හැකි වූයේ උත්සාහක දිනුමක් පමණි. 

එහිදී සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් තේනුක නානායක්කාර උත්සාහක දිනුම් 2 ක් ලබාගත් අතර ෂෙනාල් අධිකාරම්, අදීෂ වීරතුංග, චමෝද් මුතුනායක, යසස් කවිඳු කුරේ, ලසිඳු කරුණාතිලක සහ සුහිරු ඇන්තනී උත්සාහක දිනුම බැගින් ලබාගත්හ. ඉන් ප්‍රවර්ථන 5 ක් සහ දඬුවම් පහර සාර්ථක කරගැනීමට තේනුක නානායක්කාර සමත් වූ අතර අවසන් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ යසස් කවිඳු කුරේ විසිනි. 

යුද හමුදාව වෙනුවෙන් අෂාන් බණ්ඩාර දඬුවම් පහරක් සාර්ථක කරගත් අතර මොහොමඞ් අක්‍රම් උත්සාහක දිනුමක් ලබාගත්තේය. මෙම තරගයේදී සී.ආර්. ක්‍රීඩා සමාජයේ ෂෙහාන් කැලනියන්ගොඩ විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඞ්පතක් ලැබීය. රවීන් ඇලෙක්සැන්ඩර් මහතා තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළේය. 


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ යුද හමුදාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.