Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ මහනුවරට කිට්ටු කරති
අන්තර් සමාජ රග්බි

සී.ආර්. ක්‍රීඩකයෝ මහනුවරට කිට්ටු කරති

editorial - 2023 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ තෙවැනි සතිය නිමාවට පත්වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. මේ දක්වා සහභාගි වූ තරග 3 ම ජයගෙන සිටින මහනුවර ක්‍රීඩකයෝ, ප්‍රසාද ලකුණු 3 ක් සමග ලබා සිටින ලකුණු සංඛ්‍යාව 18 කි.

සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයද මෙතෙක් සහභාගි වූ තරග 3 ම ජයගැනීමට සමත්ව සිටින නමුත්, දෙවැනි සතියේදී ප්‍රසාද ලකුණක් ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඔවුහු ලකුණු 17 ක් ලබා ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි. ඒ අනුව සී.ආර්. කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පවතින පරතරය එක් ලකුණකි.

එක් තරගයක් පරාජය වුවද, සහභාගි වූ තරග 3 දීම ප්‍රසාද ලකුණ ලබාගැනීමට සමත්ව සිටින හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 13 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි. තරග 2 ක් ජයගෙන ඇති සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණක් සමග මුළු ලකුණු 11 කට හිමිකම් කියමිනි.

 

තෙවැනි සතියේ තරග ප්‍රතිඵල
■ මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 33-19 කින් පොලිසිය පරදවයි.
■ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 29-05 කින් ගුවන් හමුදාව පරදවයි.
■ හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 43-41 කින් යුද හමුදාව පරදවයි.
■ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 34-14 කින් නාවික හමුදාව පරදවයි.

 


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ මහනුවරට කිට්ටු කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.