Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ක්‍රීඩකයෝ පොලිසිය පරදවති
අන්තර් සමාජ රග්බි

සී.ආර්. ක්‍රීඩකයෝ පොලිසිය පරදවති

editorial - 2023 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ දෙවැනි සතිය යටතේ සෙනසුරාදා (9 වැනිදා) තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පොලිසියට එරෙහිව ලකුණු 19-06 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. 

තරගයේ පළමු අර්ධය නිමාවන පත්වන විට ලකුණු 06-00 ක් ලෙස පෙරමුණ ගැනීමට පොලිස් කණ්ඩායම සමත් වුවද, දෙවැනි අර්ධයේදී ඔවුන්ට ලකුණු රැස්කිරීමට නොහැකි විය. පළමු අර්ධයේදී ලකුණු ලබාගැනීමට අසමත් වූ සී.ආර්. ක්‍රීඩකයෝ, දෙවැනි අර්ධයේදී ලකුණු 19 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ. 

සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායම ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගනිද්දී, පොලිස් කණ්ඩායම ලකුණු ලබාගත්තේ දඬුවම් පහර 2 ක් මගිනි. පොලිස් කණ්ඩායම වෙනුවෙන් ප්‍රින්ස් චාමර එම දඬුවම් පහර 2 සාර්ථක කරගත්තේය. 

සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායම වෙනුවෙන් ලසිඳු කරුණාතිලක 61 සහ 79 වැනි විනාඩිවලදී උත්සාහක දිනුම් 2 ක්ද, සහිරු ඇන්තනී 67 වැනි විනාඩියේදී එක් උත්සාහක දිනුමක්ද ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් දෙකක ප්‍රවර්ථනයන් සාර්ථක කරගනු ලැබුවේ යසස් කවිඳු කුරේ විසිනි. 


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ පොලිසිය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.