Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. පෙරමුණ ගනී

සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. පෙරමුණ ගනී

editorial - 2023 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ පළමු සතිය නිමාවට පත්වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. යුද හමුදාවට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 55-08 ක දැවැන්ත ජයක් වාර්තා කළ සී.ආර්. කණ්ඩායම ප්‍රසාද ලකුණක්ද සමග මේ වන විට ලබා සිටින ලකුණු සංඛ්‍යාව 6 කි. 

හැව්ලොක්, පොලිස් සහ මහනුවර යන ක්‍රීඩා සමාජද පළමු සතියේදී සහභාගි වූ තරගවලින් ප්‍රසාද ලකුණද සමග ජයගත් නමුත්, එම තරගවලදි ලබාගත් ලකුණු සංඛ්‍යාවන් සහ ප්‍රතිවාදීන්ට ලබාදුන් ලකුණු සංඛ්‍යාවන් අතර පරතරය අනුව පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්ව සිටියි. 

 

පළමු සතියේ තරග ප්‍රතිඵල 
■ හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 49-08 කින් ගුවන් හමුදාව පරදවයි. 
■ සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ලකුණු 55-08 කින් යුද හමුදාව පරදවයි. 
■ පොලිසිය ලකුණු 41-22 කින් නාවික හමුදාව පරදවයි. 
■ මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 22-13 කින් සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පරදවයි. 

 

අදහස් (0)

සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.