Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. - සී.එච් ගැටුමෙන් සිවුවැනි සතිය ඇරඹෙයි
අන්තර් සමාජ රග්බි ලීගය

සී.ආර්. - සී.එච් ගැටුමෙන් සිවුවැනි සතිය ඇරඹෙයි

editorial - 2023 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ සිවුවැනි සතිය ආරම්භ කරමින් සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හෙට (28 වැනිදා) පස්වරු 3.45 ට ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී තරග බිමට අවතීර්ණ වනු ඇත. 

තෙවැනි සතියේ පැවැති තරගවලදී ලකුණු 29-05 කින් ගුවන් හමුදාව පරාජය කිරීමට සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයත්, ලකුණු 34-14 කින් නාවික හමුදාව පරාජය කිරීමට සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයත් සමත් විය. මේ වන විට සී.ආර්. කණ්ඩායම ලකුණු 17 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේද, සී.එච්. කණ්ඩායම ලකුණු 11 ක් ලබා එහි සිවුවැනි ස්ථානයේද රැදී සිටියි. 

සිවුවැනි සතියේදී පැවැත්වෙන කාන්තා තරගය යුද හමුදාව සහ නාවික හමුදාව අතර අනිද්දා (29 වැනිදා) පස්වරු 2.30 සිට පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගයෙන් අනතුරුව යුද හමුදාව සහ නාවික හමුදාව අතර පිරිමි තරගයද එදිනම එම ක්‍රීඩාංගණයේදීම පස්වරු 3.45 සිට පැවැත්වෙනු ඇත.  

සිවුවැනි සතියේ තවත් තරග දෙකක් 30 වැනිදා පැවැත්වෙන අතර එහිදී පොලිසියට එරෙහිව හැව්ලොක් ක්‍රීඩා සමාජය තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදීද, ගුවන් හමුදාවට එරෙහිව මහනුවර ක්‍රීඩා සමාජය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදීද තරග වදිනු ඇත. එම තරග දෙකම පස්වරු 3.45 ට ආරම්භ වීමට නියමිතය. 

 

සිවුවැනි සතියේ තරග කාලසටහන 

දෙසැ. 28 - සී.ආර්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර ලොන්ඩන් පෙදෙස සී.අර්. ක්‍රීඩාංගණයේදී 

දෙසැ. 29 - යුද හමුදාව සහ නාවික හමුදාව අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී 

දෙසැ. 30 - පොලිසිය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී 

දෙසැ. 30 - ගුවන් හමුදාව සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී 

 

අදහස් (0)

සී.ආර්. - සී.එච් ගැටුමෙන් සිවුවැනි සතිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.