Last Update  :  2024-05-06 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සී.ආර්. - ගුවන් හමුදා තරගය හෙට
අන්තර් සමාජ රග්බි ලීගය

සී.ආර්. - ගුවන් හමුදා තරගය හෙට

editorial - 2023 දෙසැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(ශානුක අරවින්ද) 
 
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ තෙවැනි සතිය ආරම්භ කරමින් සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව හෙට (15 වැනිදා) පස්වරු 3.45 ට ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී තරග බිමට අවතීර්ණ වනු ඇත. 
 
දෙවැනි සතියේ පැවැති තරගවලදී ලකුණු 17-15 කින් පොලිසිය  පරාජය කිරීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයත්, ලකුණු 17-15 කින් නාවික හමුදාව පරාජය කිරීමට ගුවන් හමුදාවත් සමත් විය. මේ වන විට සී.ආර්. කණ්ඩායම ලකුණු 11 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේද, පොලිසිය ලකුණු 6 ක් ලබා එහි සිවුවැනි ස්ථානයේද රැදී සිටියි. 
 
තෙවැනි සතියේදී පැවැත්වෙන කාන්තා තරගයද සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර හෙට පැවැත්වෙන බැවින් එය පිරිමි තරගයට පෙර එනම් පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය. එම තරගය නිමාවට පත්වීමෙන් අනතුරුව පිරිමි තරගය ආරම්භ වනු ඇත.
 
දෙවැනි සතියේ තවත් තරග දෙකක් අනිද්දා (16 වැනිදා) පැවැත්වෙන අතර එහිදී යුද හමුදාවට එරෙහිව හැව්ලොක් ක්‍රීඩා සමාජය පස්වරු 6.30 සිට කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදීද, නාවික හමුදාවට එරෙහිව සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පස්වරු 3.45 සිට වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදීද තරග වදිනු ඇත. 
 
මහනුවර ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර ඉරිදා (17 වැනිදා) පැවැත්වීමට නියමිත තරගයෙන් රග්බි ලීගයේ තෙවැනි සතිය නිමාවට පත්වන අතර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගය පස්වරු 3.45 ට ආරම්භ වනු ඇත.  
 
තෙවැනි සතියේ තරග කාලසටහන 
  • දෙසැ. 15 - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර ලොන්ඩන් පෙදෙස සී.අර්. ක්‍රීඩාංගණයේදී
  • දෙසැ. 16 - නාවික හමුදාව සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී 
  • දෙසැ. 16 - හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී 
  • දෙසැ. 17 - මහනුවර ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී
 

අදහස් (0)

සී.ආර්. - ගුවන් හමුදා තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.