Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ සිවුවැනි සතිය යටතේ මහනුවර පල්ළෙකැලේ රග්බි පිටියේදී ඊයේ (23) පැවැති තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ මහනුවර ත‍්‍රිත්ව විදුහලට එරෙහිව ලකුණු 23-20 තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
සාන්ත තෝමස් විදුහල මෙම තරග වාරයේ සහභාගි වූ තරග හතරම ජය ලබා අපරාජිතව සිටීම කැපී පෙනේ.
ජයග‍්‍රාහි සාන්ත තෝමස් විදුහල ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස් කළේය. ත‍්‍රිත්ව විදුහලට ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
මෙම තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර ත‍්‍රිත්ව විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 5-3 ක් ලෙස පෙරමුණේ පසුවිය. කෙසේ වෙතත් සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ අවසන් මිනිත්තු 20 තුළදී ලකුණු 20 ක් රැස්කරමින් පෙරමුණට පැමිණීමට සමත් වූහ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.