අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ කුසලාන ශූරතා වටයේ තරග ආරම්භ කරමින් ගල්කිස්සේදී පැවැති ඊයේ (28) පැවැති තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 41-11 කින් කටුගස්තොට ශාන්ත අනිතෝනි විදුහල පරාජය කිරීමට සමත් වූහ.
සාන්ත තෝමස් විදුහල මෙවර තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග හයම ජය ලබා අපරාජිත වාර්තාව රැක ගැනීමට සමත්ව සිටියි.
ජයග‍්‍රාහි සාන්ත තෝමස් විදුහල ගෝල 4 කින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු රැස් කළේය. ශාන්ත අනිතෝනි විදුහල උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 2 කින් ලකුණු ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.