Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් කණ්ඩායම් අටට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු ඉහළ නංවාගත් ස්කොට්ලන්තය ඊයේ (27 වැනිදා) ලීඞ්ස් හී ඊලැන් රෝඞ් කී‍්‍රඩාංගණයේ දී අමෙරිකානු ඊගල්ස්ලා ලකුණු 39-16 කින් පරදවා පිට පිට දෙවැනි වතාවටත් ප‍්‍රසාද ලකුණක් සමග ජයග‍්‍රහණය අත්පත් කරගැනීමට සමත් වූහ.
සැමෝවා පිල පරාජය කරමින් සිය ජයග‍්‍රාහී මාවත සොයාගත් දකුණු අපි‍්‍රකාවේ ‘ස්ප‍්‍රිංග්බොක්ස්ලා’ දෙවැනි තැනට ඇද දමමින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ හිමිකර ගැනීමටද මේ ජයග‍්‍රහණය ඔවුන්ට ඉවහල් විය.
කෙසේ වෙතත් තරගයේ පළමු භාගය එහෙම පිටින්ම සිය අණසකට නතුකරගත් ඊගල්ස්ලා පළමු අර්ධය නිමාවේදී ලකුණු 13-6 කින් පෙරමුණ ගනිද්දී නම් ස්කොට්ලන්ත කී‍්‍රඩකයෝ තරමක් වෙව්ලා ගියහ.
නරඹන්නන් 33,000 කට අධික පිරිසක් බලා සිටි මේ තරගයේ මුල් භාගය අමෙරිකානුවන්ගේ ආධිපත්‍යයට යටවනවිට විසල්ව ගිය දෑසින් යුතුව සිටි බොහෝ දෙනකුට සිතුණේ ලෝක රග්බි ශ්‍රේණිගත කිරිම්වල 12 වැනි තැන සිටින ස්කොට්ලන්තයට අත්දැකීම් නොමැති අමෙරිකානුවන්ගෙන් හොඳ හැටි වදිනු ඇති බවකි.
ඒ මොහොතේ ස්කොට්ලන්තයට සිතන්නට තිබූ එකම කරුණ වූයේ තරගයේ ඉතිරි භාගයේ දී ඊගල්ස්ලාගේ ප‍්‍රහාරය මැඩ පවත්වන්නේ කෙලෙසද කියා සිතීම පමණි.
කෙසේ වෙතත් දෙවැනි භාගය ආරම්භ වී 90 වැනි තත්පරයේ දී අමෙරිකානු ආරක්ෂක වළල්ල අතරින් රිංගා ගිය වින්ග් කී‍්‍රඩක ටිම් විසර් තැබූ අනගි උත්සාහක දිනුම ස්කොට්ලන්ත ජයග‍්‍රහණයේ පාර කපා දුන්නේය. මේ උත්සාහක දිනුමෙන් ලද උත්තේජනයෙන් අනතුරුව ඊගල්ස්ලාගේ සතුට උදුරා ගත් ස්කොට්ලන්තය මිනිත්තු 18 ක් තුල රැස් කළ උත්සාහක දිනුම් ති‍්‍රත්වයෙන් ජය මාවත එළි පෙහෙළි කර ගත්තේය. ෂෝන් මේට්ලන්ඞ්, අතිරේක කී‍්‍රඩක විලියම් නෙල් සහ මැට් ස්කොට් එම උත්සාහක දිනුම් ලබාගත්හ.
ලකුණු 32-16 කින් එසේ පෙරමුණ ගත් ස්කොට්ලන්තයට ප‍්‍රසාද ලකුණක් එක්වූයේ තරගය නිමාවීමට මිනිත්තු දෙකක් ඉතිරිව තිබියදි අතිරේක කී‍්‍රඩක ඩන්කන් වේයර් තැබූ පස්වැනි උත්සාහක දිනුමෙනි. පසුව එය ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කෙරිණ.
දැන් ඔවුන්ගේ එකම අදිටන වී ඇත්තේ ලබන සෙනසුරාදා දකුණු අපි‍්‍රකාවේ ස්පි‍්‍රංග්බොක්ස්ලා අමාරුවේ දැමීමටය. ලබන මස 10 වැනිදා සැමෝවා පිල සමග පැවැත්වෙන මූලික වටයේ සිය අවසන් තරගයට පෙර අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගැනීම හැම අතින්ම හිතකර බව ඔවුහු දනිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.