Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය යටතේ සෙනසුරාදා (5 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී කොළඹ මහානාම විදුහලට එරෙහිව ලකුණු 58-17 ක ජයක් වාර්තා කිරීමට මරදාන සහිරා විදුහල සමත් විය.
සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 22-05 ක් ලෙස සහිරා ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 3 ක් මගින් සහිරා ක්‍රීඩකයන් ලකුණු ලබාගත් අතර මහානාම විදුහල ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් මගිනි.
දෙවැනි අර්ධයේදී ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම් 3 ක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 36 ක් එක්කර ගැනීමට සහිරා විදුහල සමත් වෙද්දී, මහානාම විදුහලට ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.
ඒ අනුව නියමිත කාලය අවසන් වන විට සහිර විදුහල මෙම තරගයෙන් ලකුණු 58-17 ක පහසු ජයක් ලැබීය. තරගයේ වීරයා ලෙස සහිරා විදුහල් කණ්ඩායමේ ලුක්මන් උල් හකීම් සම්මාන දිනාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.