Last Update  :  2025-06-27 21:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සහිරා ක්‍රීඩකයෝ පහසු ජයක් ලබති
අන්තර් පාසල් රග්බි

සහිරා ක්‍රීඩකයෝ පහසු ජයක් ලබති

editorial - 2025 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ මූලික වටය යටතේ මරදාන සහිරා විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර පැවැති තරගයෙන් ලකුණු 56-19 ක පහසු ජයක් වාර්තා කිරීමට සහිරා විදුහල සමත් විය. 

සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 15-12 ක් ලෙස පෙරමුණ ගැනීමට සහිරා ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී උත්සාහක දිනුම් 3 ක් මගින් සහිරා විදුහල ලකුණු ලබාගත් අතර ධර්මරාජ විදුහල ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ සහිරා ක්‍රීඩකයන් ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම් 4 ක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 41 ක් එක්කර ගනිද්දී, ධර්මරාජ ක්‍රීඩකයන්ට  ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව නියමිත කාලය නිමාවට පත්වන විට ධර්මරාජ විදුහලට වඩා සහිරා විදුහල ලකුණු 37 ක් ඉදිරියෙන් සිටියේය. 

 
 
 
 
 
(ඡායාරූප - කුෂාන් පතිරාජ)

අදහස් (0)

සහිරා ක්‍රීඩකයෝ පහසු ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.