Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සත් සාමාජික නායකත්වය අදීශට

සත් සාමාජික නායකත්වය අදීශට

editorial - 2021 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රනිල් පේ‍්‍රමතිලක)

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය නාවික හමුදාවේ කී‍්‍රඩක අදීශ වීරතුංග වෙත පැවරී තිබේ. මේ මස 19 සහ 20 දිනවලදී ඩුබායිහිදී පැවත්වෙන තරගාවලිය සඳහා ආසියාවේ කණ්ඩායම් 12 කට ආසන්න සංඛ්‍යාවක් තරග වදිනු ඇත.

සත් සාමාජික රග්බි කී‍්‍රඩාව වෙනුවෙන් මේ වසරේදී පැවැත්වෙන එකම තරගාවලිය මෙයයි. මීට පෙර මෙම තරගාවලිය අදියර 3 කින් පැවැති නමුත් මේ වසරේදී පැවැත්වෙන්නේ ඩුබායි අදියර පමණි. මෙම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් ලබන වසරේදී දකුණු අපි‍්‍රකාවේදී පැවැත්වෙන සත් සාමාජික රග්බි ලෝක ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

දුලානි පල්ලිකොන්දගේ (නායිකා)

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවෙන්, නාවික හමුදාවෙන්, සී.එච් සහ එෆ්.සී. කී‍්‍රඩා සමාජයෙන් කී‍්‍රඩකයන් තිදෙනකු බැගින් එක්වන ශී‍්‍ර ලංකා සත් සාමාජික කණ්ඩායමට පොලිස් කී‍්‍රඩා සමාජයේ සිල්වා සොහොයුරෝත් එක්ව සිටිති. ශී‍්‍ර ලංකා යුද හමුදාවෙන් සුධාරක දික්කුඹුර එක්ව සිටී.

ශී‍්‍ර ලංකා සත් සාමාජික කණ්ඩායමක් සමගින් එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු එක්වන මුල්ම අවස්ථාව මෙයයි. කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් මහනුවර පිලේ හිටපු කී‍්‍රඩකයකු වන නිල්ෆර් ඊබ‍්‍රහීම් කටයුතු කරයි. බෙන් ගොලින්ස් මහතා කණ්ඩායම් දෙකේම උපදේශක පුහුණුකරුවා වශයෙන් පත්කරනු ලැබ සිටී.


ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායම
අදීශ වීරතුංග (නායක), සැමුවෙල් ඔග්බෙබොර්, කාංචන රාමනායක, අංජුල හෙට්ටිආරච්චි, කසුන් ඉඳුනිල්, සුධාරක දික්කුඹුර, ඉරෝෂන් සිල්වා, සචිත් සිල්වා, ඉෂාර මධුෂාන්, ජනිඳු ඩිල්ෂාන්, නුවන් පෙරේරා සහ නිෂොන් පෙරේරා,


ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම
දුලානි පල්ලිකොන්දගේ (නායිකා), ඩිලානි කාංචනා, නිපුනි රසාංජලී, නිමේෂා විජේවර්ධන, ජයන්ති කුමාරි, උමයංගනා තත්සරණි, තීක්‍ෂණා ලියනගේ, අනූෂා සමරවීර, නදීකා මුණසිංහ, අයේෂා පෙරේරා, ඩිලානි පොල්හේවගේ සහ අනූෂා අත්තනායක

 


අදහස් (0)

සත් සාමාජික නායකත්වය අදීශට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.