Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය ලබන සෙනසුරාදා සහ ඉරිදා (14 සහ 15) කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වේ. දින දෙකේම පෙරවරු 9.00 ට තරගය ආරම්භ වන අතර පස්වරු 6.00 ට අවසන් වීමට නියමිතය.
මෙවර තරගාවලියේදී කණ්ඩායම් 16 ක් හතර බැගින් වන කාණ්ඩ හතරක් යටතේ පළමු වටයේදී තරග කරයි. තරගාවලිය කුසලාන, පළඟ, බදුන සහ පළිහ යන ශූරතා සදහා පැවැත්වේ.
මෙම තරගාවලියට හැව්ලොක්ස්, පොලිස්, නාවික හමුදා, ගුවන් හමුදා, මහනුවර, යුද හමුදා, සී. ආර්., සී. එච්. සහ පීටර්සන් යන ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් මෙම තරගාවලියට කණ්ඩායම් සහභාගි වෙයි. මෙම තරගාවලියට ඩයලොග් ආසියාටා සමාගම අනුග‍්‍රහය දක්වයි.
ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ අළෙවි ප‍්‍රධානී අමලි නානායක්කාර මහත්මිය විසින් ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාට අනුග‍්‍රහක චෙක්පත නිලවශයෙන් ප‍්‍රදානය කරන ලද අවස්ථාව. ඩයලොග් ආසියාටා සමාගමේ ජංගම දුරකථන ප‍්‍රධානී ලසන්ත තෙවරප්පෙරුම (වමේ) සහ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ ලේකම් නලීන් ද සිල්වා (දකුණේ) යන මහත්වරු ද ඡයාරූපයේ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.