Last Update  :  2025-05-05 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby සත් සාමාජික රග්බි තරග 8 දා

සත් සාමාජික රග්බි තරග 8 දා

රොෂාන් ගුණරත්න - 2018 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ව්‍යාපාර කළමණාකරන පිළිබඳ ජාතික පාසල විසින් සංවිධානය කරන වයස 21 පහළ පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය මේ මස 8 වැනිදා සිට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පාසල් රග්බි පිටියේ ප්‍රබල කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් කාණ්ඩ 4 ක් යටතේ තරගාවලිය පැවැත්වෙන අතර එක් කණ්ඩායමක් මූලික වටයේදී තරග 3 කට ක්‍රීඩා කළ යුතුය. ඒ ඒ කාණ්ඩයන්හී පෙරමුණ ගන්නා කණ්ඩායම ශූරතාව සඳහා තරග වැදීමට සුදුසුකම් ලබාගන්නා අතර අනෙක් කණ්ඩායම් පළඟ, බඳුන සහ පලිහ ශූරතා සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

වයස 20 න් පහළ ලෝක රග්බී නිතිරීති වලට අනුව මෙම තරගාවලිය පැවැත්වීමට සංවිධායකයින් පියවර ගෙන ඇත.

‘ඒ’ කාණ්ඩය යටතේ මහනුවර ශාන්ත අන්තෝනී, තර්ස්ටන්, ගාල්ල ශාන්ත ඇලවිෂියස් සහ පාදුක්ක සිරි පියරතන යන විදුහල් තරග වදින අතර මහනුවර විද්‍යාර්ථ, කොළඹ මහනාම, සහිරා සහ හින්දු විද්‍යාල ‘බී’ කාණ්ඩය යටතේ තරග වදිති.
‘සී’ කාණ්ඩය යටතේ ඉසිපතන, මහනුවර ත්‍රිත්ව, ශ්‍රී සුමංගල සහ රත්ගම දේවපතිරාජ යන විදුහල් තරග වදින අතර කොළඹ ශාන්ත ජෝසප්, මහනුවර ධර්මරාජ, ලුම්බිණි සහ කොළඹ ආනන්ද යන විදුහල් ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වදිති.

තරගාවලිය පැවැත්වෙන අතරතුරදී ව්‍යාපාර කළමණාකරන පිළිබඳ ජාතික පාසල් කණ්ඩායම සහ කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨ කණ්ඩායම් අතර සුහද රග්බි තරගයක් පැවැත්වීමටද සංවිධායකයින් කටයුතු යොදා ඇත.

 


අදහස් (0)

සත් සාමාජික රග්බි තරග 8 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.