Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවූ අන්තර් සමාජ පළමු කොටසේ සත් සාමාජික රග්බි තරගාවලියේ (2015) ශූරතාව දිනා ගැනීමට මහනුවර ක‍්‍රීඩා සමාජය සමත් විය. අනු ශූරතාව හැව්ලොක්ස් පිලට හිමිවිය.
වාර්ෂික අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරග මාලාවේ පළමු තරගාව
ලිය වන මෙම තරගාවලිය පසුගියදා කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්විණි.
මෙවර තරගාවලියේ පළඟ ශූරතාව සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල විසින්ද, බඳුන ශූරතාව නාවික හමුදා පිල විසින්ද, පළිහ ශූරතාව පොලිස් ‘බී’ කණ්ඩායම විසින්ද දිනා ගන්නා ලදහ. මහනුවර ක‍්‍රීඩා සමාජය සත් සාමාජික ශූරතාව වසර 6 කට පසුව දිනා ගැනීම කැපී පෙනුණි. තවද මහනුවර පිල මෙම ශූරතාව දිනූ 9 වැනි අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකා පිලේ නායක ෆාෂිල් මරීජා මෙහෙයවූ මහනුවර ක‍්‍රීඩා සමාජය කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී ලකුණු 17-10 ක් ලෙස පසුගිය වසරේ ශූරයන් වන හැව්ලොක්ස් පිල පරාජය කළේය.
හැව්ලොක්ස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-7 ක් ලෙස පෙරමුණේ සිටිය ද දෙවැනි අර්ධයේදී නයිජල් රත්වත්ත සහ රිචඞ් ධර්මපාල සම්පූර්ණ උත්සාහක දිනුම් දෙකත් සමගින් මහනුවර පිල ලකුණු 17-10 ක් ලෙස පෙරමුණට පැමිණියේය.
පළමු අර්ධයේදී දෙවැනි මිනිත්තුවේදී නයිජල් රත්වත්ත සම්පූර්ණ කළ උත්සාහක දිනුමට ෆාෂිල් මරීජා අතිරේක ලකුණු දෙක එකතු කිරීමත් සමඟ ලකුණු 7-0 ක් ලෙස මහනුවර පිල පෙරමුණ ගත්තේය.
සඳුන් හේරත් සහ ෂෙනාල් ඩයස් පිළිවෙළින් සිවුවැනි සහ පස්වැනි මිනිත්තුවලදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම් සමගින් ලකුණු 10-7 ක් ලෙස හැව්ලොක්ස් පිල ඉදිරියෙන් සිටියදී පළමු අර්ධය අවසන් විය.
අවසන් තරග ප‍්‍රතිඵල
- කුසලාන ශූරතාව
මහනුවර ක‍්‍රීඩා සමාජ විසින් ලකුණු 17-10 කින් හැව්ලොක්ස් පිල පරාජය කරන ලදී
- පළඟ ශූරතාව
සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල විසින් ලකුණු 33-0 කින් පොලිස් ‘ඒ’ පිල පරාජය කරන ලදී.
- බඳුන ශූරතාව
නාවික හමුදා ‘ඒ’ පිල විසින් ලකුණු 29-7 කින් යුද හමුදා ‘ඒ’ පිල පරාජය කරන ලදී
- පළිහ ශූරතාව
පොලිස් ‘බී’ පිල විසින් ලකුණු 17-15 කින් හැව්ලොක්ස් ‘බී’ පිල පරාජය කරන ලදී.
මහනුවර ක‍්‍රීඩා සමාජය
හැව්ලොක්ස් ‘බී’ පිල
සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල
පොලිස් ‘බී’ පිල
ඡායාරූප: ශමීර රාජපක්‍ෂ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.