Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම වත්මන් රග්බි තේරීම් කමිටුවේ සාමාජිකයකු ද වන සජිත් මල්ලිකාරච්චි මහතා අද (18) අභාවප‍්‍රාප්ත විය.
හෘදයාබාදයක් හේතුවෙන් හදිසියේ අභාවප‍්‍රාප්ත වන විට මල්ලිකාරච්චි මහතා 37 වැනි වියේ පසුවිය.
සජිත් මල්ලිකාරච්චි මහතා 2005 සහ 2006 වසරවලදී ශ්‍රී ලංකා රග්බි පිලේ නායකයා ලෙස කටයුතු කළ අතර ඒ මහතාගේ නායකත්වයෙන් ජාත්‍යන්තර ජයග‍්‍රහණ රැසක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
කොළඹ ඉසිපතන විදුහලේ රග්බි නායකයකුද වන සජිත් මල්ලිකාරච්චි 1999 වසරේ සිට 2007 වසර දක්වා මහනුවර ක‍්‍රීඩා සමාජ පිලේ නායකත්වය දැරීය.
සජිත්ගේ නායකත්වයෙන් මහනුවර පිල වසර කීපයක්ම ලීග් ශූරයන් බවට ද පත්විය. සජිත් අවසන් වරට 2007 වසරේ සිට 2009 වසර දක්වා සී. එච්. පිලට ක‍්‍රීඩා කළේය.
හෙතෙම හොං කොං සත් සාමාජික රග්බි තරගාවලියට පස් වතාවක්ද, ඩුබායි සත් සාමාජික රග්බි තරගාවලියට තෙවතාවක්ද සහභාගි වී තිබේ.
ඒ මහතාගේ දේශය මහරගම, පමුණුව, 8 වැනි පටුමග, අංක 46 නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.