Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු රග්බි පාපන්දු සංගමයේ සංවිධානයෙන් මැලේසියාවේදී පැවැති 2015 වසරේ පළමු ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය වන ‘බෝනියෝ සෙවන්ස්’ රග්බි තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිල සිවුවැනි ස්ථානයට පත්විය.
තරගාවලියේ අවසන් දිනය වූ අද (01) පළග කුසලාන අවසන් තරගයේදී ශ‍්‍රී ලංකා පිල පැපුවා නිව් ගිනියා හමුවේ ලකුණු 7-33 කින් පරාජයට පත්විය. හොං කොං පිල ලකුණු 24-0 කින් ටොන්ගෝ රාජ්‍ය පරාජය කරමින් කුසලාන ශූරතාව දිනා ගැනීමට සමත් විය.
අවසන් පූර්ව තරගයේදී ශ‍්‍රී ලංකා පිල ටොන්ගෝ රාජ්‍ය හමුවේ පරාජයට පත්විය.
දෙවැනි දිනයේ තරගවලදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 5-0 කින් සිංගප්පූරුව පරාජය කළ අතර හොං කොං හමුවේ 40-0 කින් පරාජයට පත්විය.
තරගාවලියේ පළමු දිනයේ තරගවලදී ශ‍්‍රී ලංකාව ලකුණු 40-0 කින් චීනය පරාජය කළ අතර පැපුවා නිව් ගිනියාව හමුවේ ලකුණු 29-12 කින් පරාජයට පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.