Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ‍්‍රී ලංකා - ජපාන රග්බි අවසන් පූර්ව තරගය හෙට

ශ‍්‍රී ලංකා - ජපාන රග්බි අවසන් පූර්ව තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ 13 වැනි දිනය වූ අද (01) ෆාෂිල් මරීජාගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ශ‍්‍රී ලංකාව සහ ආසියාවේ අංක එක රග්බි පිල වන ජපානය අතර දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (02) පස්වරු 4.40 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.10 ට පැවැත්වේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ඊයේ පස්වරුවේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 24-19 කින් චීනය පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.

මෙම තරගයේ නියමිත කාලය අවසන් වන විට 19-19 ක් ලෙස ලකුණු සම වීමෙන් අතිරේක කාලය ලබා දුන්නේය. ඒ අනුව කාලය ලැබුණු අතර එහිදී මිතුන් හපුගොඩ උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය දක්වා රැගෙන ඒමට සමත් විය.

පළමු වටයේ අවසන් තරගය ලෙස සත්කාර දකුණු කොරියාවට එරෙහිව ඊයේ පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකා පිල ලකුණු 21-12 ක් ලෙස පරාජයට පත්විය. පළමු තරග දෙකම ජය ලබා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටි බැවින් මෙම තරගයට උපරිම යොදා නොගැනීමට ශ‍්‍රී ලංකා පිල තීරණය කර තිබූ අතර එම තරගයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රබලතම ක‍්‍රීඩකයකු වන ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර ඉවත්ව සිටියේය.

පළමු අවසන් පූර්ව තරගය හොං කොං සහ දකුණු කොරියාව අතර පැවැත්වෙන අතර රග්බි තරගාවලිය අද අවසන් වේ.


අදහස් (0)

ශ‍්‍රී ලංකා - ජපාන රග්බි අවසන් පූර්ව තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.