Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශුරතාව නාවලපිටිය මැදි විදුහලට

ශුරතාව නාවලපිටිය මැදි විදුහලට

editorial - 2022 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් සමාගමේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් සංගමය පළමු වරට සංවිධානය කළ පාසල් සත් සාමාජික රග්බි සංවර්ධන තරගාවලියේ දෙවැනි අදියරේ ශූරතාව දිනාගැනීමට නාවලපිටිය මැදි විදුහල සමත් විය. අවසන් මහ තරගයේදී කුරුණෑගල ආරක්ෂක සේවා විදුහල පරාජය කරමින් නාවලපිටිය මැදි විදුහල් ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.

පල්ලෙකැලේ ත්‍රිත්ව විදුහල් රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 14 න් පහළ මෙම තරගාවලිය සඳහා පිට පළාත් පාසල් රැසක් සහභාගි වූ අතර සංවර්ධනය වෙමින් පවතින පාසල් තුළ රග්බි ක්‍රීඩාව ප්‍රචලිත කිරීම තරගාවලියේ අරමුණ විය.

නාවලපිටිය මැදි විදුහල් කණ්ඩායම ජයග්‍රහණය සමරන අයුරු ඡායාරූපයේ දැක්වේ. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරාම, එම සංගමයේ සභාපති බී.ඒ. අබේරත්න, ඩයලොග් සමාගමේ මහනුවර දිස්ත්‍රික් කලමනාකරු චාමික බාලසූරිය සහ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ උප සභාපති බුද්ධික අත්තනායක යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.

-036


අදහස් (0)

ශුරතාව නාවලපිටිය මැදි විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.