Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ පැරණි තුරග තරග පිටියේදී ඊයේ (10) ආරම්භ වූ ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තෙවැනි අදියර තරගාවලියට සහභාගි වී සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායම කුසලාන ශූරතා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
ශ‍්‍රී ලංකාව සහභාගි වන අර්ධ අවසන් පූර්ව තරගය අද (11) පෙරවරු 11.20 ට පමණ පැවැත්වීමට නියමිතව තිබිණ.
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ඊයේ සහභාගි වූ පළමු වටයේ තරග දෙකම ජය ලබමින් ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානයට පත්වූහ.
ශ‍්‍රී ලංකා පිල ඊයේ පස්වරුවේ සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 38-7 ක් ලෙස පිලිපීනය පරාජය කිරීමට සමත් විය. දෙවැනි තරගයේදී මැලේසියාව ලකුණු 40-0 කින් පරාජය කළේය. ශ‍්‍රී ලංකාව මීට පෙර පැවැති පිරිමි දෙකේදීම සිවුවැනි ස්ථානයට පත්විය.
ශ‍්‍රී ලංකා පිලේ නායක ෆාෂීල් මරීජා මෙම තරගාවලියට පෙර පැවසුවේ මෙම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම කණ්ඩායමේ ඉලක්කය බවයි.
මෙම තරගාවලියට සමගාමීව පැවැත්වන කාන්තා තරගාවලියට සහභාගි වූ ශ‍්‍රී ලංකා කාන්තා පිල ඊයේ සහභාගි වූ තරග තුනෙන්ම පරාජයට පත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.