Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයේදී මෙම සති අන්තයේදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ දෙවැනි අදියර තරගාවලිය වන තායිලන්ත සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ප‍්‍රබල ක‍්‍රීඩකයෝ රැුසක් නැවතත් ඇතුළත්ව සිටිති.
ආබාධයන්ට ලක්ව සිටීම නිසා චීනයේදී පැවැති පළමු තරගාවලියට සහභාගි නොවූ ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන නායක ෆාෂීල් මරීජා, දිනූෂ චතුරංග, නයිජල් රත්වත්ත සහ ජේසන් දිසානායක මෙම සංචිතයට ඇතුළත්ව සිටිති.
නැවතත් කණ්ඩායමට පැමිණි නායක ෆාෂිල් මරීජා පැවසුවේ තමන් සම්පූර්ණ සුව ලබා සිටින බවත් ඉතාමත් ඉක්මනට පෙර තත්ත්වයට පත්වීමේ අධිෂ්ඨානය ඇතිව තමන් පුහුණුවීම් කරන බවත්ය.
රග්බි තේරිම් කමිටු සභාපති මයිකල් ජයසේකර මහතා පැවසුවේ තවත් සති දෙකකින් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන සත් සාමාජික තරගාවලිය සහ හොං කොං හිදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය පිළිබ`දව තමන් අවධානය යොමුකර ඇති බවයි.
තායිලන්ත සත් සාමාජික තරගාවලිය මස 26 සහ 27 දෙදින පැවැත්වෙන අතර පළමු දිනය වන 26 වැනිදා පස්වරු 1.52 ට චීන තායිපේ පිලට එරෙහිව ද, පස්වරු 4.22 කට හොං කොං පිලට එරෙහිව ශී‍්‍ර ලංකා පිල තරග කරයි.
ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය:
ෆාෂීල් මරීජා (නායක), සුදර්ශන මුතුතන්ත‍්‍රි, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, නයිජල් රත්වත්ත, ෂෙහාන් පතිරණ, ගයාන් වීරරත්න, ජේසන් දිසානායක, දිනූෂ චතුරංග, කාංචන රාමනායක, රිචඞ් ධර්මපාල, අනුරුද්ධ විල්ලර සහ ධනුෂ්ක රංජන්
ඡායාරූපය : ඩෙනිස් මුතුතන්ති‍්‍ර (ශී‍්‍ර ලංකා රග්බි පාපන්දු සංගමයේ අනුග‍්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.