Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාන්ත පීතරයෝ ඉසිපතනය පරදවති
අන්තර් පාසල් රග්බි ලීගය

ශාන්ත පීතරයෝ ඉසිපතනය පරදවති

editorial - 2025 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව යටතේ කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී ඊයේ (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 14-07 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත පීතර විදුහල සමත් විය. 

ඉකුත් වසරේ (2025) ලීග් රග්බි ශූරයන් වූ ශාන්ත පීතර විදුහල මෙවර (2025) තරගාවලියේ කුසලාන වටයේදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය වූ අතර ඉකුත් වසරේ ලිග් රග්බි අනු ශූරයන් වූ ඉසිපතන විදුහල මෙවර තරගාවලියේ කුසලාන වටයේදී ලැබූ දෙවැනි පරාජයද මෙය විය.

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 07-00 ක් ලෙස පෙරමුණ ගත් ශාන්ත පීතර ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 7 ක් ලබාගැනීමට සමත් වූහ. ඉසිපතන ක්‍රීඩකයන්ද දෙවැනි අර්ධයේදී ලකුණු 7 ක් ලබාගැනීමට සමත් වුවද, පළමු අර්ධය අවසානයේ පැවැති ලකුණු පරතරය අනුව 14-07 ක් ලෙස තරගයේ ජය ශාන්ත පීතර විදුහල සතු විය. 

එහිදී ශාන්ත පීතර විදුහල ගෝල දිනුම් 2 ක් මගින්ද, ඉසිපතන විදුහල ගෝල දිනුමක් මගින්ද ලකුණු ලබාගත්තේය. තරගයේ වීරයා ලෙස ශාන්ත පීතර විදුහලේ ජනුත් රත්නායක සම්මාන දිනාගත්තේය. මෙම තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් තරගයට පෙර සිටම මෙම කණ්ඩායම් දෙකටම තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට තිබූ අවස්ථාවන් මඟ හැරී තිබිණ. 


අදහස් (0)

ශාන්ත පීතරයෝ ඉසිපතනය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.