Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාන්ත පීතරයෝ 27-12 ක ජයක් ලබති

ශාන්ත පීතරයෝ 27-12 ක ජයක් ලබති

editorial - 2022 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ ‘ඒ’ කොටස යටතේ ඊයේ (25 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 27-12 ක් ලෙස මහනුවර ධර්මරාජ විදුහල පරාජය කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.

බම්බලපිටිය ශාන්ත විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එහි නිමාව සනිටුහන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු 12 බැගින් ලබා සම තත්ත්වයේ පසුවිය. එහිදී කණ්ඩායම් දෙකම ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සමගින් ලකුණු රැස්කළේය.  

දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ ශාන්ත පීතරයෝ, උත්සාහක දිනුම් 3 ක් මගින් ලකුණු ලබාගත් නමුත් ධර්මරාජයන්ට එහිදී ලකුණු ලබාගැනීමට නොහැකි වූහ. ඒ අනුව ලකුණු 27-12 ක් ලෙස තරගයේ ජය ශාන්ත පීතර විදුහල සතුවිය.

එහිදී දිනෙත් රණසිංහ, රජිත් ඒකනායක, විෂේන්ක සිල්වා, උමිත් ඉෂාර සහ අෂේන් මඩුගස්ගේ ශාන්ත පීතර විදුහල වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත් අතර එම උත්සාහක දිනුම් 5 න් එකක ප්‍රවර්ථනයක් සාර්ථක කර ගැනීමට වින්ධ්‍ය ද මෙල් සමත් විය.

ධර්මරාජ විදුහල වෙනුවෙන් වාර්තා වූ උත්සාහක දිනුම් දෙකට හිමිකම් කීමට වනුජ තන්ත්‍රිගේ සහ චන්දීප බණ්ඩාර සමත් වූ අතර ඉන් දෙවැනි උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ සෞම්‍ය විජේසිරි විසිනි.

-036


අදහස් (0)

ශාන්ත පීතරයෝ 27-12 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.