Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ 50-14 කින් ධර්මරාජය පරදවති

ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ 50-14 කින් ධර්මරාජය පරදවති

යොහාන් භාසුර - 2020 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් පාසල් වයස 19 න් පහළ ලීග් රග්බි තරගාවලිය (2020) ආරම්භ කරමින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් රග්බි පිටියේදී අද (04) පැවැති තරගයේදී ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 50-14 කින් මහනුවර ධර්මරාජ විදුහල පරාජය කිරීමට සමත් වූහ.

ජයග්‍රාහි ශාන්ත පීතර විදුහල් පිල ගෝල පහකින් සහ උත්සාහක දිනුම් තුනකින් ලකුණු 50 රැස්කළේය. ධර්මරාජ විදුහලට ගෝල දෙකකින් ලකුණු එකතු විය.

ශාන්ත පීතර විදුහල් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 26-7 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.

ප්‍රධාන විනිසුරු ගිහාන් යටවර මහතාගේ පළමු නළා හඩින් මිනිත්තු හයකට පසුව ශාන්ත පීතර විදුහලේ අකලංක පෙරේරා උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.

ඉෂාන් ප්‍රනාන්දු සිය උත්සාහක දිනුම් පෙරහැර ආරම්භ කරමින් පළමු අර්ධයේ 10 වැනි මිනිත්තුවේදී ශාන්ත පීතර විදුහල දෙවැනි උත්සාහක දිනුම එකතු කළේය. තේනුක නානායක්කාර එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 12-0 ක් බවට පත්විය.

සෙනුක පෙරේරා ක්‍රියාත්මක වෙමින් 22 වැනි මිනිත්තුවේදී ශාන්ත පීතර විදුහලට එකතු කළ උත්සාහක දිනුමට තේනුක නානායක්කාර අතිරේක ලකුණු එකතු කිරීමෙන් ලකුණු තත්ත්වය 19-0 ක් විය.

ධර්මරාජ විදුහල ඉදිරියෙන් මිනිත්තු 27 ක් පැවැති බිංදුව මකා දමමින් බනුල විතානගේ උත්සාහක දිනුමක් සම්පූර්ණ කළේය. සෞම්‍ය විජේසිරි එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 19-7 ක් බවට පත්විය.

මාලිංග ෂෙහාන් පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු හතරක් පමණ තිබියදී උත්සාහක දිනුමක් එකතු කරමින් ශාන්ත පීතර විදුහලට අතිරේක ප්‍රසාද ලකුණ ද මුසු කළේය. තේනුක එහි ගෝල ප්‍රවර්ථනය සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 26-7 ක් විය.

ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේ ගෝල දෙකකින් සහ උත්සාහක දිනුම් දෙකකින් තවත් ලකුණු 24 ක් රැස්කිරීමට සමත් වූහ. ධර්මරාජ විදුහලට දෙවැනි අර්ධයේදී ද සම්පූර්ණ කළ හැකි වූයේ ගෝලයක් පමණි.

ඉෂාන් ප්‍රනාන්දු දෙවැනි අර්ධයේදී එකතු කළ උත්සාහක දිනුම් දෙකත් සමඟ තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය. යශෝධ මෙන්ඩිස් සහ ෂෙහාන් නටාලියන් දෙවැනි අර්ධයේදී ශාන්ත පීතර විදුහලට උත්සාහක දිනුම බැගින් එකතු කළහ.


අදහස් (0)

ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ 50-14 කින් ධර්මරාජය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.