Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාන්ත අන්තෝනි පිලට ලකුණක තියුණු ජයක්
අන්තර් පාසල් රග්බි

ශාන්ත අන්තෝනි පිලට ලකුණක තියුණු ජයක්

editorial - 2023 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ අද (9 වැනිදා) පැවැති සිවුවැනි සතියේ තරගයයකදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව ලකුණු 30-29 ක අතිශය තියුණු ජයක් වාර්තා කිරීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13-10 ක් ලෙස පෙරමුණ ගැනීමට ශාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ සමත් වූහ.

අද පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති තවත් තරගයකදී මහනුවර කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව ලකුණු 48-15 ක පහසු ජයක් වාර්තා කිරීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ ඉකුත් සෙනසුරාදා (8 වැනිදා) පැවැති තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට මහනුවර විද්‍යාර්ථ, බම්බලපිටිය ශාන්ත පීතර සහ කොළඹ රාජකීය යන විදුහල් සමත් වූ අතර එම තරගවලදී පිළිවෙලින් මහනුවර ධර්මරාජ, මහනුවර ත්‍රිත්ව සහ මරදාන සහිරා යන විදුහල් පරාජයට පත්වූහ.


සෙනසුරාදා (8 වැනිදා)
■ මහනුවර විද්‍යාර්ථ විදුහල විසින් ලකුණු 29-22 ක් ලෙස මහනුවර ධර්මරාජ විදුහල පරාජය කරන ලදි.
■ බම්බලපිටිය ශාන්ත පීතර විසින් ලකුණු 22-10 ක් ලෙස මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කරන ලදි.
■ කොළඹ රාජකීය විදුහල විසින් ලකුණු 44-03 ක් ලෙස මරදාන සහිරා විදුහල පරාජය කරන ලදි.

ඉරිදා (9 වැනිදා)
■ කොළඹ වෙස්ලි විදුහල විසින් ලකුණු 30-29 ක් ලෙස කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කරන ලදි.
■ මරදාන ශාන්ත ජෝෂප් විදුහල විසින් ලකුණු 48-15 ක් ලෙස මහනුවර කිංග්ස්වුඩ් විදුහල පරාජය කරන ලදි.

(ඡායාරූප - කුෂාන් පතිරාජ)

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි පිලට ලකුණක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.