Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශාක්ස් පිලේ ප‍්‍රසාද ලකුණු කපාහරී

ශාක්ස් පිලේ ප‍්‍රසාද ලකුණු කපාහරී

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි කොටසේදී හම්බන්තොට ශාක්ස් පිල සහභාගි වූ තරග දෙකේ ප‍්‍රසාද ලකුණු කපා හැරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරියෙක් පැවසීය.

මෙවර තරගාවලියේ දෙවැනි වටයට සහභාගි වෙමින් සිටි හම්බන්තොට ශාක්ස් පිල සහ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල හිටි හැටියේ තරගාවලියෙන් ඉවත් වීමෙන් දෙවැනි වටයේ කණ්ඩායම් සංඛ්‍යාව 7 ක් දක්වා අඩුවිය.

”පළමු වටයේ ප‍්‍රසාද ලකුණු නොවෙනස්ව ඉදිරියට යනවා. ශාක්ස් පිල තරග දෙකකට සහභාගි තිබෙනවා. එම තරග දෙකේ ප‍්‍රසාද ලකුණු කපා හරිනවා. සී. එච්. පිල දෙවැනි වටයේ තරගවලට සහභාගි වුණෙ නෑ”

මෙම කණ්ඩායම් දෙකට විනය පියවර ගන්නේ දැයි කළ විමසුමකදී රග්බි නිලධාරියා මෙසේ පැවසීය.

”එම කණ්ඩායම් දෙක ක‍්‍රීඩකයන්ට ගෙවීමට මුදල් නොමැතිවීමෙන් සහභාගි විය නොහැකි බව දැනුම් දී තිබෙනවා. ඒ හේතුවෙන් විනය පියවරක් ගැනීමේ හැකියාවක් නෑ” යයිද එම නිලධාරියා පැවසීය.


අදහස් (0)

ශාක්ස් පිලේ ප‍්‍රසාද ලකුණු කපාහරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.