Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකාව හමුවේ චීනයට පහසු ජයක්

ශ්‍රී ලංකාව හමුවේ චීනයට පහසු ජයක්

editorial - 2021 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේදී අද (19 වැනිදා) පැවැති ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පිරිමි මූලික වටයේ 24 වැනි තරගයේදී ලකුණු 32-0 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය චීනය සමත් විය. මෙම තරගාවලිය තුළදී ශ්‍රී ලංකාව පිට පිටම ලැබූ තෙවැනි පරාජය මෙය විය.

ගෝල දිනුමක් සහ උත්සාහ දිනුම් 5 ක් සමග ලකුණු රැස්කළ චීන ක්‍රීඩකයෝ, එහිදී ශ්‍රී ලංකාවට එක් ලකුණක් හෝ ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදුන්හ.

මූලික වටයේදී මින් පෙර පැවැති තරගවලදී ජපානය හමුවේ ලකුණු 31-14 ක් ලෙසත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හමුවේ ලකුණු 29-7 ක් ලෙසත් පරාජය වී තිබීම නිසා ශ්‍රී ලංකාවට තරගාවලියේ කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

ඒ අනුව හෙට (20 වැනිදා) පැවැත්වෙන පළඟ අවසන් පූර්ව වටයේදී පිලිපීනයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් තරග බිමට පිවිසෙනු ඇත. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.58 ට ආරම්භ වීමට නියමිතය.

-036


අදහස් (0)

ශ්‍රී ලංකාව හමුවේ චීනයට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.