Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් පිලටත් පරදී

ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් පිලටත් පරදී

editorial - 2021 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේදී අද (19 වැනිදා) පැවැත්වෙන ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පිරිමි මූලික වටයේ 16 වැනි තරගයේදී ලකුණු 29-7 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත් විය. 

එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහ දිනුම් 3 ක් සමග ලකුණු රැස්කළහ. කැරල් තෝමස්, එසෙකයියා ඩ්‍රැනිස්බෝටා, මැට් රිචඩ්ස්, සකියුසා නායිසු සහ ටොබියාස් ඔවාකේලි එහිදී ‍උත්සාහක දිනුම් වාර්තා කළ අතර බොරිස් ෆින්ක් සහ ලූක් ස්ටෙවෙන්සන් ඉන් ප්‍රවර්ථන 2 ක් සාර්ථක කරගත්හ‍.

ශ්‍රී ලංකාවට එහිදී ලබාගත හැකි වූයේ එක් ගෝල දිනුමක් පමණි. සචිත් සිල්වා එහි උත්සාහක දිනුම ලබාගත් අතර අංජුල හෙට්ටිආරච්චි ප්‍රවර්ථනය සාර්ථක කරගත්තේය‍.

මූලික වටය යටතේ සහභාගි වූ පළමු තරගයේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ජපානය හමුවේ ලකුණු 31-14 ක් ලෙස පරාජයට පත්විය. මූලික වට‍යේ ඔවුන් සහභාගි වන මීළඟ තරගය චීනයට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 10.54 ටත් ආරම්භ වීමට නියමිතය.

-036


අදහස් (0)

ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් පිලටත් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.