Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා රග්බි පිල අවසන් පූර්ව තරගයට

ශ්‍රී ලංකා රග්බි පිල අවසන් පූර්ව තරගයට

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු රග්බි පාපන්දු සංගමයේ සංවිධානයෙන් මැලේසියාවේදී පැවැත්වෙන වසරේ පළමු ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ෆාෂිල් මරීජාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගාවලියේ අවසන් දිනය වන අද (01) පෙරවරුවේ ශ්‍රී ලංකාව සහ ටොන්ගා රාජ්‍ය අතර අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිතය. දෙවැනි අවසන් පූර්ව තරගය හොං කොං සහ පැපුවා නිව් ගිනියාව අතර පැවැත්වේ.

දෙවැනි දිනයේ තරගවලදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 5-0 කින් සිංගප්පූරුව පරාජය කළ අතර හොං කොං හමුවේ 40-0 කින් පරාජය පත්විය.

තරගාවලියේ පළමු දිනයේ තරගවලදී ශ්‍රී ලංකාව ලකුණු 40-0 කින් චීනය පරාජය කළ අතර පැපුවා නිව්ගිනියාව හමුවේ ලකුණු 29-12 කින් පරාජයට පත්විය. 


අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි පිල අවසන් පූර්ව තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.