Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලෙස කටයුතු කළ අසංග සෙනවිරත්න මහතාගේ ධුරය සඳහා එම සංගමයේ උප සභාපති ලෙස කටයුතු කළ ලසිත ගුණරත්න මහතා නිතරගයෙන්ම තේරීපත් විය. ශ්‍රී ලංකා රග්බි සංගමයේ වාර්ෂික සභා රැස්වීම හා නිලවරණය ඊයේ (21) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණ.
ලසිත ගුණරත්න මහතා 1998 වසරේ ජයග්‍රාහී රාජකීය විද්‍යාල රග්බි කණ්ඩායමේ නායකයා මෙන්ම කොළඹ ප්‍රධාන රග්බි සමාජයක් වන සී.ආර්. ඇන්ඞ් එෆ්.සී කණ්ඩායමෙහි නායකයා ලෙසද කටයුතු කර ඇත.
■ සභාපති - ලසිත ගුණරත්න මහතා
■ නියොජ්‍ය සභාපති - රිස්ලි ඉල්ලියාස් මහතා
■ උප සභාපති - නසීම් මොහොමඞ් මහතා, සුසන්ත මෙන්ඩිස් මහතා
■ ලේකම් - තුසිත පීරිස් මහතා
■ භාණ්ඩාගාරික - දිනේෂ් පෙරේරා මහතා
■ සංගමයේ අනෙකුත් සාමාජිකයන් - ෆසාල් මොහොමඞ් මහතා , ජූඞ් පිල්ලේ මහතා,රොෂාන් ඩීන් මහතා, සත්‍යප්‍රිය ලියනගේ මහතා, ශම්රාත් ප්‍රනාන්දුමහතා, සුනිල් රණසිංහ මහතා, ටුවාන් ඩෝලේ මහතා, තිලංගනි වරාකාගොඩ මහත්මිය
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.