Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමටත් පළඟ අනුශූරතාව

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමටත් පළඟ අනුශූරතාව

editorial - 2021 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පිරිමි ඉසව්වේ පළඟ අවසන් මහ තරගයේදී එක්සත් ආරාබි එමීර් රාජ්‍යය හමුවේ ලකුණු 29-10 ක පරාජයක් ලැබූ ශ්‍රි ලංකා ක්‍රීඩකයන්ට එහි අනු ශූරතාවෙන් සෑහීමකට පත්විමට සිදුවූහ. ඒ අනුව කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමටද 6 වැනි ස්ථානය හිමිවිය.

පළඟ අවසන් තරගයේදී එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 3 ක් සමග ලකුණු රැස්කළහ. එහිදී කැරල් තෝමස්, එපිලි ඩැවටෙවලු, ඊතන් මැතිව්ස්, සකිවුසා නයිසාවු සහ ටොබේස් ඕකේලි එක් උත්සාහක දිනුම බැගින් ලබාගත්හ. ඉන් උත්සාහක දිනුම් 2 ක ප්‍රවර්ථනයන් සාර්ථක කර ගනිමින් ඒවා ගෝල බවට පත්ක‍ළේ ඇන්ඩෘ සෙම්පල් විසිනි.

ශ්‍රී ලංකාව එහිදී උත්සාහක දිනුම් දෙකක් සමග ලකුණු ලබාගත් අතර ජනිඳු දිල්ෂාන් සහ සුධාරක දික්කුඹුර එම උත්සාහක ‍දිනුම් දෙකට හිමිකම් කිහ. එහෙත් එම උත්සාහක දිනුම් දෙකේ ප්‍රවර්ථයන් සාර්ථක කරගනිමින් ඒවා ගෝල බවට පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අසමත් වූහ.  

මූලික වටයේදී ජපානය හමුවේ ලකුණු 31-14 ක් ලෙසත්, එක්සත් අරාබි එමීර් පිල හමුවේ ලකුණු 29-7 ක් ලෙසත්, චීනය හමුවේ ලකුණු 32-0 ක් ලෙසත් පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට තරගාවලියේ පළඟ ශූරතාව වෙනුවෙන් තරඟ වැදීමට සිදුවිය. ඔවුන් පළඟ අවසන් මහ තරගයට පිවිසියේ එහි අවසන් පූර්ව තරගයේදී පිලිපීනයට එරෙහිව ලකුණු 28-26 ක තියුණු ජයක් ලබමිනි.


අදහස් (0)

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමටත් පළඟ අනුශූරතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.