Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැලේසියාව පරදවති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැලේසියාව පරදවති

editorial - 2021 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩුබායි ක්‍රීඩා සංකීර්ණයේදී  පැවැත්වෙන ඩයලොග් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කාන්තා මූලික වටයේ සිවුවැනි තරගයේදී ලකුණු 12-10 ක් ලෙස මැලේසියාව පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල දිනුමක් සහ උත්සාහ දිනුමක් සමග ලකුණු රැස්කළ අතර මැලේසියාවෙ ලකුණු රැස්‍කළේ උත්සාහක දිනුම් දෙකක් පමණි. අවසන් විනාඩියේදී ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගත්තා නම් මැලේසියාවට තරගය සම කිරීමට අනගි අවස්ථාවක් තිබිණ.

 ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන මූලික වටයේ මීළඟ තරග දෙක චීනයට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.54 ටත්, හොං කොං රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.26 ටත් ආරම්භ වීමට නියමිතය.

කාන්තා මූලික වටය යටතේ මින් පෙර පැවැති තරග 3 දී ලකුණු 19-7 ක් ලෙස කසකස්තානය පරාජය කිරීමට ජපානයත්, ලකුණු 35-5 ක් ලෙස පිලිපීනය පරාජය කිරීමට තායිලන්තයත්, ලකුණු 22-5 ක් ලෙස හොං කොං රාජ්‍යය පරාජය කිරීමට චීනයත් සමත් වී තිබිණ. 

(ඡායාරූපය - සමීර පීරිස්)

-036
 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැලේසියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.