Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ශ්‍යාම් සිද්දික් සමුගනී

ශ්‍යාම් සිද්දික් සමුගනී

editorial - 2021 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ශ්‍යාම් සිද්දික් කො‍විඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් පසුගියදා කොළඹ මහ රෝහලේදී දිවියෙන් සමුගත්තේය. ඒ වන විට  ඔහු 58 වැනි වියේ පසුවිය.

ඔහු ශ්‍රී ලංකා රග්බි කවුන්සිලයේ සාමාජිකයකු ලෙසින්ද කටයුතු කළේය.

කොරෝනා වයිරසය අසාදනය වී සිටි ඔහු පසුව ඇතිවූ සංකූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බව සමීප ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත.

කොළඹ ඉසිපතන විදුහලේ ආදි සිසුවකු ‍වන ඔහු 1982 වසරේ විදුහලෙන් ඉවත්වීමෙන් පසුව 1983 වසරේ සිට සී.ආර්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළේය. ඔහු 1989 සිට සී.ආර්. පිලේ නායකත්වයද දැරීය. 1992 වසරේදී මහනුවර ක්‍රීඩා සමාජය සමග එක්වූ ඔහු වසර 10 කට ආසන්න කාලයක් එම ක්‍රීඩා සමාජය නියෝජනය කළේය.

ආසියානු තරගාවලි 3 කට ක්‍රීඩා කළ ශ්‍යාම් අති දක්ෂ ‘හුකර්‘ ක්‍රීඩකයකු ලෙසින් නමන් දිනා සිටියේය. ඔහුගේ සොහොයුරන් දෙදෙනකුද ඉසිපතන විදුහල වෙනුවෙන් ක්‍රීඩා කළ නමුත් සිද්දික් සහෝදරයන් තිදෙනාගෙන්ම වඩාත් ඉදිරියෙන් සිටි  ක්‍රීඩකයා ශ්‍යාම් විය.

ඔහුගේ අවසන් කටයුතු ඊයේ (14 වැනිදා) සිදුකෙරිණ.

 

 -036


අදහස් (0)

ශ්‍යාම් සිද්දික් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.