Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වොරියර්ස් කුසලාන රග්බි පොලිස් පිටියේදී

වොරියර්ස් කුසලාන රග්බි පොලිස් පිටියේදී

editorial - 2021 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද)

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව සංවිධානය කරන ‘වොරියර්ස් කුසලාන’ සත් සාමාජික රග්බි තරගාවලිය හෙට (30 වැනිදා) සහ අනිද්දා (31 වැනිදා) තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අනුග්‍රාහකයා ලෙස ඩයලොග්  ආසියාටා සමාගම කටයුතු කරයි.

‘ඒ’, ‘බී’ සහ ‘සී’ ලෙස කාණ්ඩ 3 ක් යටතේ ලීග් ක්‍රමයට අනුව ‍පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග අද පැවැත්වේ. එහි අර්ධ අවසන් පූර්ව තරග, අවසන් පූර්ව තරග මෙන්ම කුසලාන, පළඟ, බඳුන සහ පලිහ අවසන් මහ තරගද 31 වැනිදා පැවැත්වීමට නියමිතය.

 තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 31 වැනිදා පස්වරුවේ පැවැත්වේ.

 සී.එච්. සහ එෆ්.සී., යුද හමුදා ‘ඒ’, ගුවන් හමුදා ‘බී’ සහ නාවික හමුදා ‘බී’ කණ්ඩායම් මූලික වටයේදී ‘එ්’ කාණ්ඩය යටතේ තරග වදිති. පොලිස් ‘ඒ’, හැව්ලොක්ස් සහ යුද හමුදා ‘බී’ කාණ්ඩායම් ‘බී’ කාණ්ඩය යටතේද, ගුවන් හමුදා ‘ඒ’, නාවික හමුදා ‘ඒ’ සහ පොලිස් ‘බී’ කණ්ඩායම් ‘සී’ කාණ්ඩය යටතේද තරගාවලියට එක්ව සිටිති.

 එහිදී යුද හමුදා ‘ඒ’ කණ්ඩායම අශාන් බණ්ඩාරගේ නායකත්වයෙන්ද, යුද හමුදා ‘බී’ කාණ්ඩායම චමත් ප්‍රනාන්දුගේ නායකත්වයෙන්ද, ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම නුවන් පෙරේරාගේ නායකත්වයෙන්ද, ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම සූර්ය ක්‍රිෂාන්ගේ නායකත්වයෙන්ද තරග වදිති.

 අධීෂ වීරතුංග නාවික හමුදා ‘ඒ’ කණ්ඩායමේද, ලහිරු හේරත් නාවික හමුදා ‘බී’ කණ්ඩායමේද, ඉරෝෂන් සිල්වා පොලිස් ‘ඒ’ කණ්ඩායමේද, නිසල් සමාධි පොලිස් ‘බී’ කණ්ඩායමේද නායකත්වය දරති. සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වය යටතේ සී.එච්. සහ එෆ්.සී. කණ්ඩායම තරග වදින අතර හැව්ලොක්ස් කණ්ඩායම තරගාවලියට එක්ව සිටින්නේ සොනාල් ධීලකගේ නායකත්වය යටතේය.

 නොවැම්බර් මස 19 වැනිද සහ 20 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගනු ලබන්නේද මෙම තරගාවලියෙනි.  

 

‘ඒ’ කාණ්ඩය
සී.එච්. සහ එෆ්.සී.
යුද හමුදාව ‘ඒ’
ගුවන් හමුදාව ‘බී’
නාවික හමුදාව ‘බී’


‘බී’ කාණ්ඩය
පොලිසිය ‘ඒ’
හැව්ලොක්ස්
යුද හමුදාව ‘බී’


‘සී’ කාණ්ඩය
ගුවන් හමුදා ‘ඒ’
නාවික හමුදා ‘ඒ’
පොලිස් ‘බී’


අදහස් (1)

වොරියර්ස් කුසලාන රග්බි පොලිස් පිටියේදී
  • Bunny Preena Saturday, 30 October 2021 08:57 AM

    හොඳ ප්‍රවෘත්තියක්... නමුත් තරග පටන් ගන්නේ කීයටද කියලා සඳහන් නොකිරීම ලොකු අඩුවක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.