Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වේල්ස් කුමරුවෝ මහානාමය පරදවති
පාසල් රග්බි ලීගය

වේල්ස් කුමරුවෝ මහානාමය පරදවති

editorial - 2023 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩය යටතේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි සතියේ තරගයකදී කොළඹ මහානාම විදුහලට එරෙහිව ලකුණු 26-17 ක ජයක් වාර්තා කිරීමට මොරටුව වේල්ස් කුමර විදුහල සමත් විය. 

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 17-13 ක් ලෙස පෙරමුණ ගැනීමට මහානාම ක්‍රීඩකයෝ සමත් වූහ. කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ වේල්ස් කුමරුවෝ, තවත් ලකුණු 13 ක් රැස්කළ අතර මහනාම විදුහලට එක් ලකුණක් හෝ රැස්කිරීමට ඉඩක් ලබා නොදුන්හ. 

පළමු කොටසේ ‘බී’ කාණ්ඩය යටතේ පැවැති දෙවැනි සතියේ සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ ලුම්බිණි, මහනුවර ශ්‍රී සුමංගල, කොටහේන ශාන්ත බෙනඩික්, කොළඹ තර්ස්ටන් සහ පිලියන්දල මැදි විදුහල යන විදුහල් සමත් වූහ. 

සිකුරාදා (23 වැනිදා)

  • කොළඹ ලුම්බිණි විදුහල විසින් ලකුණු 07-05 ක් ලෙස කුරූණෑගල මලියදේව විදුහල පරාජය කරන ලදි. 
  • මහනුවර ශ්‍රී සුමංගල විදුහල විසින් ලකුණු 28-13 ක් ලෙස මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරාජය කරන ලදි.
  • කොටහේන ශාන්ත බෙනඩික් විදුහල විසින් ලකුණු 29-05 ක් ලෙස කොළඹ කේරි විදුහල පරාජය කරන ලදි. 

සෙනසුරාදා (24 වැනිදා)

  • කොළඹ තර්ස්ටන් විදුහල විසින් ලකුණු 32-07 ක් ලෙස කොළඹ ආනන්ද විදුහල පරාජය කරන ලදි. 
  • පිලියන්දල මැදි විදුහල ලකුණු 24-07 ක් ලෙස ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල පරාජය කරන ලදි. 2

ඉරිදා (25 වැනිදා)

  • මොරටුව වේල්ස් කුමර විදුහල විසින් ලකුණු 26-17 ක් ලෙස කොළඹ මහානාම විදුහල පරාජය කරන ලදි.

 


අදහස් (0)

වේල්ස් කුමරුවෝ මහානාමය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.