Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වේල්සය සහ ඕස්ට්‍රේලියාව අතර ටෝකියෝහිදී අද (29) පැවැති රග්බි ලෝක කුසලාන තරගයෙන් වේල්ස් ක්‍රීඩකයෝ ලකුණු 29-25 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු වටයේ ‘ඩී’ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය මෙවර තරගාවලියේ 17 වැනි තරගය වේ.
වේල්සය මේ වන විට සහභාගි වූ තරග දෙකකම ජය ලබා ප්‍රසාද ලකුණු 9 ක් ලබා ‘ඩී’ කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගෙන සිටියි. කෙසේ වෙතත් වේල්සය මෙම තරගයේදී අතිරේක ප්‍රසාද ලකුණ ලබාගැනීමට අපොහොසත් විය.
ඕස්ට්‍රේලියාව තරග දෙකෙන් තරගයක් ජය ලබා ප්‍රසාද ලකුණු 6 ක් සමගින් දෙවැනි ස්ථානයේ පසුවිය. ඕස්ට්‍රේලියාව පරාජයට පත්වුවද අතිරේක ප්‍රසාද ලකුණ හිමිකරගැනීමෙන් ‘ඩී’ කාණ්ඩයේ තරගකාරිත්වය තව දුරටත් වැඩි වී තිබේ.
වේල්ස් පිල ගෝල දෙකකින්, දඩුවම් පහර තුනකින් සහ ඩ්‍රොප් ගෝල දෙකකින් ලකුණු 29 රැස් කළේය. ඕස්ට්‍රේලියාවට ගෝල දෙකකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු එකතු විය.
වේල්ස් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 23-8 ක් ලෙස පෙරමුණේ පසුවිය. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේ පළමු මිනිත්තු 26 තුළ වේල්ස් පිලට හොඳ අභියෝගයක් යොමු කරමින් ලකුණු 17 ක් රැස්කරමින් ලකුණු පුවරුව 25-26 ක් බවට පත්කිරීමට සමත් වූහ.
එතැන් සිට තරගයේ අවසන් මිනිත්තු 14 තුළ තරගය දෙපිලටම විවෘත විය. දෙවැනි අර්ධයේ 30 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර රයිස් පැට්චිල් සාර්ථක කිරීමත් සමඟ වේල්සය ලකුණු 29-25 ක් ලෙස ලකුණු පරතරය වැඩි කරගත්ත ද පරතය ලකුණු 4 ක් වීම නිසා තරගයේ උණුසුම පෙර පරිදිම පැවතුණි.
අවසන් මිනිත්තු 10 තුළදී දෙපිල වෙතින්ම ලකුණු රැස්කිරීමට තිබූ අවස්ථා කීපයක් මඟ හැරුණි.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.