Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වෙස්ලි විදුහලට 38-07 ක පහසු ජයක්

වෙස්ලි විදුහලට 38-07 ක පහසු ජයක්

editorial - 2022 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ ‘ඒ’ කොටස යටතේ ඊයේ (25 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 38-07 ක් ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජය කිරීමට කොළඹ වෙස්ලි විදුහල සමත් විය.

කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 28-00 ක් ලෙස වෙස්ලි ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී වෙස්ලි විදුහල ගෝල දිනුම් 4 ක් සමගින් ලකුණු රැස්කළේය.

දෙවැනි අර්ධයේදී වෙස්ලි විදුහල උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරද්දී, විද්‍යාර්ථ විදුහලට ලබාගත හැකි වූයේ එක් ගෝල දිනුමක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට ලකුණු 38-07 ක් ලෙස තරගයේ ජය වෙස්ලි විදුහල සතු විය.

වෙස්ලි විදුහල වෙනුවෙන් හෆීස් තබීත් උත්සාහක දිනුම් දෙකක්ද, එම්.ආර්. අවිනාෂ්, මලීෂ තිරනගම, ශියාල් සැමුවෙල් සහ එන්.එස්. රොද්‍රිගූ උත්සාහක දිනුම බැගින්ද ලබාගත් අතර එම උත්සාහක දිනුම් 6 න් 4 ක ප්‍රවර්ථන සාර්ථක කර ගැනීමට ශවීන් ජයවර්ධන සමත් විය.

විද්‍යාරතන විදුහල වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කීමට අරෝෂ් රත්නායක සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ මේනුක තිලකරත්න විසිනි.  


-036

 


අදහස් (0)

වෙස්ලි විදුහලට 38-07 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.