Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ දෙවැනි සතිය යටතේ අද (15 වැනිදා) පැවැති මූලික වටයේ තරගකදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 29-10 ක ජයක් වාර්තා කිරීමට කොළඹ වෙස්ලි විදුහල සමත් විය. මෙම තරගාවලියේදී වෙස්ලි විදුහල පිට පිටම ලැබූ දෙවැනි ජයද මෙය විය.
කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 21-03 ක් ලෙස වෙස්ලි ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී ගෝල දිනුම් 3 ක් මගින් වෙස්ලි විදුහල ලකුණු ලබාගත් අතර ඩී.එස්. විදුහල ලකුණු ලබාගත්තේ දඬුවම් පහරක් මගිනි.
දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් සිය කණ්ඩායමට තවත් ලකුණු 8 ක් එක්කර ගැනීමට වෙස්ලි ක්‍රීඩකයන් සමත් වෙද්දී, ඩී.එස්. ක්‍රීඩකයන්ට ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව නියමිත කාලය අවසන් වන විට වෙස්ලි විදුහල, ඩී.එස්. විදුහලට වඩා ලකුණු 19 ක් ඉදිරියෙන් සිටියේය.
(ඡායාරූප - කුෂාන් පතිරාජ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.