Last Update  :  2025-07-02 13:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වෙස්ලි - සා. තෝමස් - රාජකීය පෙරමුණ ගනී

වෙස්ලි - සා. තෝමස් - රාජකීය පෙරමුණ ගනී

editorial - 2025 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ මූලික වටයේ සිවුවැනි සතිය නිමාවට පත්වන විට පළමු, දෙවැනි සහ තෙවැනි කාණ්ඩවල පෙරමුණ  ගැනීමට කොළඹ වෙස්ලි, ගල්කිස්ස සාන්ත තෝමස් සහ කොළඹ රාජකීය විදුහල් සමත්ව තිබේ. 

මෙම විදුහල් 3 ම මෙතෙක් සහභාගි වූ සියලුම තරග ජයගෙන සිටින අතර වෙස්ලි විදුහල එහිදී ප්‍රසාද ලකුණු 3 ක් සමග ලකුණු 23 ක්ද, සාන්ත තෝමස් විදුහල ප්‍රසාද ලකුණු 4 ක් සමග ලකුණු 24 ක්ද, රාජකීය විදුහල ප්‍රසාද ලකුණු 4 ක් සමග ලකුණු 24 ක්ද ලබා සිටියි. 
දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන කොළඹ ඉසිපතන විදුහල සහ තෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන මහනුවර ත්‍රිත්ව විදුහලද ප්‍රසාද ලකුණු 4 ක් සමග ලකුණු 24 බැගින් හිමිකරගෙන සිටියි. කෙසේ වුවත් සහභාගි වූ තරගවලදී ලැබූ ලකුණු සහ දුන් ලකුණුවල පරතරයන්ට අනුව ඔවුන්ට එම කාණ්ඩවල දෙවැනි ස්ථානයන්ගෙන් සෑහීමකට පත්වීමට සිදුව ඇත. 

කණ්ඩායම් 18 ක් සහභාගි වන මෙම තරගාවලියේදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් වන කාණ්ඩ 3 ක් යටතේ සතිපතා තරග පැවැත්වේ. එහිදී ජයග්‍රහණයක් සඳහා කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර ලකුණු සම වීමෙන් හෝ විසඳුමකින් තොරව නිමාවට පත්වන තරගයක් සඳහා කණ්ඩායමකට ලකුණු 3 ක් හිමිවේ. 

මෙම තරගාවලියේ මූලික වටය අවසානයේ එක් එක් කාණ්ඩවල පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් දෙවැනි වටයේදී කුසලාන ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සුදුසුකම් ලබනු ඇත. තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම්වලට පළඟ ශූරතාව සඳහාද, පස්වැනි සහ හයවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම්වලට බඳුන ශූරතාව සඳහාද තරග වැදීමට සිදුවනු ඇත.


අදහස් (0)

වෙස්ලි - සා. තෝමස් - රාජකීය පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.