Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ මූලික වටය අවසානයේ පළමු, දෙවැනි සහ තෙවැනි කාණ්ඩවල පෙරමුණ ගනිමින් අපරාජිතව කුසලාන ශූරතාව වෙනුවෙන් තරග වැදීම සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ වෙස්ලි, ගල්කිස්ස සාන්ත තෝමස් සහ මහනුවර ත්‍රිත්ව විදුහල් සමත් විය.
මෙම විදුහල් 3 ම මූලික වටයේදී සහභාගි වූ තරග 5 ම ජයගෙන සිටින අතර වෙස්ලි විදුහල එහිදී ප්‍රසාද ලකුණු 4 ක් සමග ලකුණු 29 ක්ද, සාන්ත තෝමස් විදුහල සහ ත්‍රිත්ව විදුහල ප්‍රසාද ලකුණු 5 ක් සමග ලකුණු 30 බැගින්ද ලබා සිටියි. ඉකුත් සතියේදී ඔවුන් හමුවේ පිළිවෙලින් කොළඹ ආනන්ද, කොළඹ ඉසිපතන සහ කොළඹ රාජකීය විදුහල් පරාජයට පත් විය.
ලකුණු 24 බැගින් ලබා මූලික වටය අවසානයේ පළමු, දෙවැනි සහ තෙවැනි කාණ්ඩවල දෙවැනි ස්ථාන හිමිකරගත් බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ ඉසිපතන සහ කොළඹ රාජකීය විදුහල්ද දෙවැනි වටයේදී කුසලාන ශූරතාව සඳහා තරග වැදීමට අවස්ථාව උදාකර ගත්තේය.
ඉකුත් වසරේදී (2024) පැවැති අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනාගත් ශාන්ත පීතර විදුහල සහ අනු ශූරතාව හිමිකරගත් ඉසිපතන විදුහල මෙම වසරේදී මූලික වටයේ තරගය බැගින් පරාජය වීම කැපී පෙනෙුණ සිදුවීමක් විය.
කොළඹ ඩී.එස්. සේනානායක සහ කොළඹ ආනන්ද විදුහල් පළමු කාණ්ඩයෙන්ද, කින්ස්වුඩ් සහ සහිරා විදුහල් දෙවැනි කාණ්ඩයෙන්ද, ශාන්ත ජෝෂප් සහ ශ්‍රී සුමංගල විදුහල් තෙවැනි කාණ්ඩයෙන්ද දෙවැනි වටයේදී පළඟ ශූරතාව සඳහා තරග වැදීමට සුදුසුකම් ලැබූවේ එම කාණ්ඩවල තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත් වෙමිනි.
කටුගස්තොට ශාන්ත අන්තෝනි, ගල්කිස්ස විද්‍යා, කොළඹ මහානාම, මහනුවර ධර්මරාජ, කොළඹ තර්ස්ටන් සහ මහනුවර විද්‍යාර්ථ යන විදුහල් ඔවුන් නියෝජනය කණ්ඩවල පස්වැනි සහ හයවැනි ස්ථානවලට පත් වීම හේතුවෙන් ඔවුන්ට දෙවැනි වටයේදී බඳුන ශූරතාව සඳහා තරග වැදීමට සිදුවිය.
කණ්ඩායම් 18 ක් සහභාගි වන මෙම තරගාවලියේ මූලික වටයේදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් වන කාණ්ඩ 3 ක් යටතේ සතිපතා තරග පැවැත්විණි. එහිදී ජයග්‍රහණයක් සඳහා කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවූ අතර ලකුණු සම වීමෙන් හෝ විසඳුමකින් තොරව නිමාවට පත්වන තරගයක් සඳහා කණ්ඩායමකට ලකුණු 3 ක් හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.