Last Update  :  2025-07-04 11:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වෙනස්කම් 7 ක් සමග ශ්‍රී ලංකාව හෙට තරග බිමේ

වෙනස්කම් 7 ක් සමග ශ්‍රී ලංකාව හෙට තරග බිමේ

editorial - 2025 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු රග්බි ශූරතාවලිය යටතේ සහභාගි වූ දෙවැනි තරගයේදී හොං කොං රාජ්‍යය හමුවේ ලකුණු 78-07 ක දැවැන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම, මීලඟ තරගයේදී වෙනස්කම් 7 ක් සමගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි. 

මෙවර තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය වන මෙම තරගය හෙට (4 වැනිදා) පස්වරු 4.00 සිට කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වේ. 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා යම් බලාපොරොත්තුවක් හෝ රඳවාගැනීමට නම් ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණක්ද සමග මෙම තරගය ජයගත යුතුව තිබේ. 

යම් හෙයකින් මෙම තරගය පරාජයට වුවහොත් ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන බලාපොරොත්තු සුනුවිසුණු වී යනු ඇත. එපමණක් නොව තවදුරටත් ආසියානු රග්බි තරගාවලියේ මුල් කණ්ඩායම් 4 අතර රැදී සිටීම සඳහා ඔවුන්ට පළමු කාණ්ඩයේ ශූරයන් බවට පත්වන කණ්ඩායම සමග පිළිමළුන් පිටුදැකීමේ තරගයකටද සහභාගි වීමට සිදුවනු ඇත. 

හොං කොං කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ධනුෂ්ක රන්ජන්, තනූජ ජයවීර, ළහිරු තිලකරත්න, සෙනුර පෙරේරා, හේෂාන් ජැන්සන්, ෂෙනාල් අධිකාරම් සහ දැහැන් වික්‍රමාරච්චි යන ක්‍රීඩකයන්ට මෙම තරගය සඳහා නම් කරන ලද සංචිතයේ ස්ථාන අහිමිවී තිබේ. 

ඔවුන් වෙනුවට වෙනුවෙට එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව තරග වැදීම සඳහා නිස්රාන් නිලාර්, දුෂ්මන්ත ප්‍රියදර්ශන, නිරෝෂ් පෙරේරා, අම්ජාඩ් ෆවුමි, චතුර සොයිසා, ප්‍රිමේෂ් පෙරේරා සහ තේනුක නානායක්කාර යන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා සිටිති. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක නයිජල් රත්වත්තේ මෙම තරගය සඳහාද සහභාගි නොවන අතර ඔහුගේ ඥාති සොහොයුරු තරින්ද රත්වත්තේ මෙම තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවනු ඇත. තරින්දගේ සහාය සඳහා කණ්ඩායමේ උප නායකයා ලෙස ලසිඳු කරුණාතිලක නම් කර තිබේ. 

මෙම තරගය සඳහා මින් පෙර නම් කර තිබූ ක්‍රීඩකයන් 25 දෙනාගේ සංචිතයට දිල්ෂාන් ජයා සහ නවීන් කනිෂ්කද ඇතුළත්ව සිටි නමුත් අවසන් 23 දෙනාගේ සංචිතය නම් කිරීමේදී ඔවුන් දෙදෙනාට ඉඩක් නොලැබී ඇත. 

මෙම තරගාවලිය පුරා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත ජාතික රොඩ්නි ගිබ්ස් මහතා කටයුතු කරන අතර දුෂාන්ත ලෙව්කේ මහතා ඉදිරිපෙළ පුහුණුකරු ලෙසත්, ලසින්ත ද කොස්තා මහතා පසුපෙළ පුහුණුකරු ලෙසත් කටයුතු කරති. රොහාන් චින්තක මහතා කළමණාකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටියි. 

ශ්‍රී ලංකා රග්බි සංචිතය 
තරින්ද රත්වත්තේ (නායක), මලිත් විජේසුන්දර, ශාමික කෞෂාන්, විමුක්ති ගමගේ, නවීන් මාරසිංහ, තිළිණ බණ්ඩාර, නිස්රාන් නිලාර්, තරිඳු චතුරංග, ලසිඳු කරුණාතිලක, දුෂ්මන්ත ප්‍රියදර්ශන, පුලස්ති දසනායක, නිරෝෂ් පෙරේරා, අම්ජාඩ් ෆවුමි, චතුර සොයිසා, මොහොමඩ් රිෆාන්, දිනාල් ඒකනායක, අකාෂ් මධුෂංඛ, ඇඩම් ගෞඩර්, පසිඳු බණ්ඩාර, මූර්ෂීඩ් දොරෙයි, ශාහිඩ් සුම්රි, ප්‍රිමේෂ් පෙරේරා සහ තේනුක නානායක්කාර 

එක්සත් අරාබි එමීර් සංචිතය 
පීටර් කිලියන්, මයිකල් සෙජෝන්, රියාන් බර්නාඩ්, මාකස් ගියොරින්, ජේන් බෝට්ස්, එමෝසි වෙසෙනාවුවා, බ්‍රැඩ් ජේන්ස්, ඊතන් මැතිව්ස්, ඇන්ඩෘ සෙම්පල්, මැක්ස් ජොන්සන්, සකිවුසා නයිසුවා, ජේම්ස් කෘස්ලි, ජැක් ස්ටැප්ලි, නිකෝ වොලාවෝලා, ජෙරඩ් පීටර්ස්, එපෙලි දවෙටවාලු, ලූකස් වැඩින්ටන්, මොනීබ් ගාලන්ට්, ක්‍රිස් මැකී, සෑම් බුලොක්, ටොබී ඕකේලී, මැට් මිල්ස් සහ ලයෑම් කැල්ඩ්වෙල් 

 


අදහස් (0)

වෙනස්කම් 7 ක් සමග ශ්‍රී ලංකාව හෙට තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.