Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ බඳුන ශූරතාව යටතේ මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව ගල්කිස්ස විද්‍යා විදුහල් ක්‍රීඩාංගණයේදී ඊයේ (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 43-12 ක පහසු ජයක් වාර්තා කිරීමට විද්‍යා විදුහල සමත් විය.
විද්‍යා විදුහල මෙවර (2025) තරගාවලියේ බඳුන වටයේදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වූ අතර ධර්මරාජ විදුහල මෙවර තරගාවලියේ බඳුන වටයේදී ලැබූ සිවුවැනි පරාජයද මෙය විය. තරගයේ වීරයා ලෙස විද්‍යා විදුහලේ දිල්රුවන් පෙරේරා සම්මාන ලැබීය.
තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 26-00 ක් ලෙස විද්‍යා විදුහල පෙරමුණ ගත් අතර එහිදී ඔවුහු ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත්හ.
දෙවැනි අර්ධය තුළ විද්‍යා විදුහල ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් මගින් ලකුණු 17 ක් රැස්කරද්දී, ධර්මරාජ විදුහලට ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් තරගයේ විද්‍යා විදුහලට පහසු ජයක් හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.