Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby වාර්ෂික පාසල් රග්බි තරග 3 ක් අද කොළඹදී

වාර්ෂික පාසල් රග්බි තරග 3 ක් අද කොළඹදී

editorial - 2025 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ සහ මහනුවර ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක් අතර පැවැත්වෙන වාර්ෂික රග්බි තරග 3 ක් අද (16 වැනිදා) කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජයතිලක ආර්යා පලිහ, විලියම් ගොපල්ලව පලිහ සහ බ්ලේස් කුසලාන වෙනුවෙන් එම තරග ත්‍රිත්වය පැවැත්වෙනු ඇත. 

එහිදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල 66 වැනි වරටත් ජයතිලක ආර්යා පලිහ වෙනුවෙන් තරග වදින අතර එම තරගය අද පස්වරු 4.00 සිට සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

මෙම තරගයේදී වෙනුක වික්‍රමසූරිය විසින් සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර ජනිත් මාරසිංහ ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායමේ නායකත්වය දරනු ඇත. අනුරංග වල්පොල මහතා සාන්ත තෝමස් කණ්ඩායමේත්, දුලාංජන විජේසිංහ මහතා ශාන්ත ජෝෂප් කණ්ඩායමේත් පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති. 

කොළඹ ආනන්ද විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අද පස්වරු 4.00 ට ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙන්නේ 54 වැනි විලියම් ගොපල්ලව පලිහ තරගය ජය ගැනීමේ අරමුණ පෙරදැරිවය. 

මෙම තරගයේදී සදෙව් දිසානායක ආනන්ද විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන අතර පසිඳු රාජපක්ෂ විසින් විද්‍යාර්ථ විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබයි. අකිල චතුරංග මහතා ආනන්ද කණ්ඩායමේත්, කවිඳු පෙරේරා මහතා විද්‍යාර්ථ කණ්ඩායමේත් පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති. 

මේ අතර කොළඹ වෙස්ලි විදුහල සහ මහනුවර කින්ස්වුඩ් විදුහල 39 වැනි බ්ලේස් කුසලාන වෙනුවෙන් අද පෙරවරු 6.30 ට ලොන්ඩන් පෙදෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ තරග වැදීමට නියමිතය. 

මෙම තරගයේදී සන්දුල් ගම්මන්පිල වෙස්ලි විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර කින්ස්වුඩ් විදුහල් කණ්ඩායමේ නායකත්වය තවීෂ ඒකනායකට හිමිව තිබේ. හෙන්රි ටෙරන්ස් මහතා වෙස්ලි කණ්ඩායමේත්, ආනන්ද කස්තුරිආරච්චි මහතා කින්ස්වුඩ් කණ්ඩායමේත් පුහුණුකාරීත්වයන් දරති. 


අදහස් (0)

වාර්ෂික පාසල් රග්බි තරග 3 ක් අද කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.