Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby විද්‍යා විදුහල ඉසිපතනය පරදවයි

විද්‍යා විදුහල ඉසිපතනය පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘කාල්ටන් සුපර් සෙවන්ස් 2014’ සත් සාමාජික රග්බි තරගාවලියේ ගාල්ල, කොග්ගල වෙළෙද කළාප ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු අදියර තරගාවලියේ දෙවැනි දිනය වූ අද (09) ‘ඩයලොග් - කාල්ටන්’ පාසල් සත් සමාජික තරගාවලිය ආරම්භ කරමින් පැවැති තරගවලදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ ලකුණු 21-17 කින් ප‍්‍රබල ඉසිපතන විදුහල පරාජය කිරීමට සමත් වූහ.

මෙම තරගාවලියේ අද පැවැති පළමු වටයේ තරග අටේදී විද්‍යා විද්‍යාලය සහ කිංග්ස්වුඞ් විදුහල තරග දෙකම ජය ලැබීය.

මෙම තරගාවලියට ඉසිපතන, මහනුවර ත‍්‍රිත්ව, කිංග්ස්වුඞ්, කොළඹ රාජකීය, මරදාන ශාන්ත ජෝශප්, ගල්කිස්ස විද්‍යා, වෙස්ලි සහ බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර යන විදුහල් සහභාගි වී සිටිති.

පළමු වටයේදී තරග හතරක් සහ දෙවැනි වටයේ තරග කොළඹදී පැවැත්වේ.


තරග ප‍්‍රතිපල

  • රාජකීය විදුහල විසින් ලකුණු 15-5 කින් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විදුහල පරාජය කරන ලදී.
  • විද්‍යා විද්‍යාලය විසින් ලකුණු 21-17 කින් ඉසිපතන විදුහල පරාජය කරන ලදී.
  • කිංග්ස්වුඞ් විදුහල විසින් ලකුණු 29-0 කින් වෙස්ලි විදුහල පරාජය කරන ලදී.
  • ශාන්ත ජෝශප් විදුහල විසින් ලකුණු 20-12 කින් ත‍්‍රිත්ව විදුහල පරාජය කරන ලදී.
  • ඉසිපතන විදුහල විසින් ලකුණු 19-12 කින් රාජකීය විදුහල පරාජය කරන ලදී.
  • විද්‍යා විද්‍යාලය විසින් ලකුණු 20-10 කින් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල පරාජය කරන ලදී.
  • කිංග්ස්වුඞ් විදුහල විසින් ලකුණු 33-0 කින් ශාන්ත ජෝශප් විදුහල පරාජය කරන ලදී.
  • ත‍්‍රිත්ව විදුහල විසින් ලකුණු 29-12 කින් වෙස්ලි විදුහල පරාජය කරන ලදී.  

 


අදහස් (0)

විද්‍යා විදුහල ඉසිපතනය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.