Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ලෝක රග්බි ලොක්කෝ 4 දා කොළඹ එති

ලෝක රග්බි ලොක්කෝ 4 දා කොළඹ එති

editorial - 2023 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පිහිටි ලෝක රග්බි මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් ලබන අඟහරුවාදා (04) ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. ඔවුන්ගේ ශ්‍රී ලංකා ගමනේදී ශ්‍රී ලංකා රග්බි (සංගමයේ) නිලධාරීන්, ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් සහ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

ලෝක රග්බි (සංවිධානයේ) ජාත්‍යන්තර සබඳතා ප්‍රධානී ඩේවිඩ් කැරිජි සහ එහි කලාපීය සහයෝගිතා කළමණාකරු රිසාල් සාට් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. පසුගිය මැයි මාසයේදී අත්හිටුවන ලද ශ්‍රී ලංකා රග්බි (සංගමයේ) සාමාජිකත්වය, හැකි ඉක්මනින් නැවත ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කරනු ඇත.
 
ලෝක රග්බි (සංවිධානය) විසින්, නිසි හේතු දැක්වීමකින් තොරව, පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය අත්හිටුවන ලදි. ඉන් අනතුරුව ආසියානු රග්බි සංගමය විසින්ද ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය තහනම් කරනු ලැබිණ. ආසියානු රග්බි තහනම හේතුවෙන්, ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේ හෝ, ඩුබායි හිදී පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තිබූ අවස්ථාව අහිමි විය.

ක්‍රීඩා අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා රග්බි (සංගමයේ) සාමාජිකත්වය තහනම් කිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස අගදී රග්බි නිලධාරීහු අධිකරණයට ගියහ. පසුව ක්‍රීඩා ඇුමතිවරයා විසින් රග්බි ක්‍රීඩාව සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත් කළ නමුත් ඔවුන් තවමත් වැඩ ආරම්භ කර නැත.

ජාතික ඔලිම්පික් කමිටුව වුවද තවමත් පිළිගන්නේ ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද රග්බි ස්ථාවරකරණ කමිටුව නොව, සාමාජික ඡන්දයෙන් පත්වූ ශ්‍රී ලංකා රග්බි (සංගමයේ) නිලධාරී මණ්ඩලයයි.


අදහස් (0)

ලෝක රග්බි ලොක්කෝ 4 දා කොළඹ එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.