Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ලොව විශිෂ්ටතම ෆ්ලයි හාෆ් කී‍්‍රඩකයා - කාටර්

ලොව විශිෂ්ටතම ෆ්ලයි හාෆ් කී‍්‍රඩකයා - කාටර්

ශනුක අරවින්ද - 2015 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර රග්බි පිටියේ ඩෑන් කාටර් තරම් ලකුණු ලබාගත් තවත් කී‍්‍රඩකයකු නැති තරම්ය. නවසීලන්තයෙන් බිහි වූ මේ අග‍්‍රගණයේ කී‍්‍රඩකයාගේ අවසාන ලෝක කුසලාන තරගාවලිය මෙය වනු ඇතැයි දැනටමත් තීරණය වී හමාරය. රග්බි පිටියේදී ඔහුට තවත් අත්කරගැනීමට තරම් දෙයක් නැති  ගානය.

කුසලතා රැසකින් සමන්විත කාටර්ගේ හරහට හිටි දෙයක් වී නම් ඒ ආබාධ පමණි. රග්බි පිටියේ  ඕනෑම තැනක කී‍්‍රඩා කිරීමට සමත්කම් දක්වන කාටර් විවාදයකින් තොරවම ලොව එතෙක් මෙතෙක් බිහිවූ හොඳම ‘ෆ්ලයි හාෆ්’ කී‍්‍රඩකයා ලෙස සැලැකේ.

1982 මාර්තු 5 වැනිදා උපන් කාටර් ඔහුගේ සම්පූර්ණ නමින් හඳුන්වන්නේ නම් ඩැනියෙල් විලියම් කාටර්ය. 2005 හා 2012 වසරවලදී වසරේ හොඳම කී‍්‍රඩකයා සඳහා ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් පිරිනැමෙන සම්මානය හිමිකරගත් කාටර්, කෲසේඞ්ස් කණ්ඩායම සමඟ එක්වෙමින්, සිව්වතාවක් ‘සුපර් රග්බි’ ශූරතාව දිනාගැනීමට සමත්විය.

නවසීලන්ත කණ්ඩායමට තුන්කොන් තරගාවලියේ ශූරතා 6 ක් දිනාදීමට හේතු වූයේද කාටර්ගේ දස්කම්ය.

කාටර් සිය මංගල තරගයට එක්වූයේ 2003 වසරේදීය. වේල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති එම තරගයේදී කාටර් ලකුණු 20 ක් රැස් කිරීමට සමත්විය.

2003 වසරේ ලෝක කුසලානයට එක්වූ ඩෑන් කටර්ට එම තරගාවලියේදී බංකුවේ සිටින්නට සිදු වූ අතර නවසීලන්තය එම තරග වලට මුහුණ දුන්නේ විශේෂඥ ෆුල් බෑක් කී‍්‍රඩකයකු නොමැතිවය. කෙසේ වෙතත් ඉතාලිය සමඟ පැවැති තරගයට කාටර් එක් වූ අතර එම තරගයෙන් ලකුණු 70-7 ක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

බි‍්‍රතාන්‍ය හා අයිරිෂ් ලයන්ස් කණ්ඩායම සමඟ 2005 වසරේ පැවැති තරගයකදී කාටර් උත්සාහක දිනුම් දෙකක්, දඬුවම් පහර පහක් සහ ප‍්‍රවර්ථන 4 ක් සමඟ ලකුණු 33ක් ලබාගැනීමට සමත්විය. ‘ද ගාඩියන්’ පුවත්පත තරගයෙන් අනතුරුව එම දස්කම නූතන ඉතිහාසයේ ‘ෆ්ලයිහාෆ්’ කී‍්‍රඩකයකු දැක්වූ විශිෂ්ටතම දස්කම යැයි හඳුන්වා තිබිණි.

 


අදහස් (0)

ලොව විශිෂ්ටතම ෆ්ලයි හාෆ් කී‍්‍රඩකයා - කාටර්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.