Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby රාජකීයයෝ මයිකල් ගුණරත්න කුසලාන දිනති
අන්තර් පාසල් රග්බි ලීගය

රාජකීයයෝ මයිකල් ගුණරත්න කුසලාන දිනති

editorial - 2025 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව යටතේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලට එරෙහිව සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී ඊයේ (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 30-29 ක අතිශය තියුණු ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. 

රාජකීය විදුහල මෙවර (2025) තරගාවලියේ කුසලාන වටයේදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වූ අතර සාන්ත තෝමස් විදුහල මෙවර තරගාවලියේ කුසලාන වටයේදී ලැබූ දෙවැනි පරාජයද මෙය විය. මෙම තරගය ජය ගැනීම හේතුවෙන් ‘මයිකල් ගුණරත්න’ කුසලානට හිමිකම් කීමටද රාජකීයයෝ සමත් වූහ. 

තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 18-08 ක් ලෙස පෙරමුණ රාජකීයයෝ සමත් වූහ. එහිදී රාජකීය විදුහල ගෝල දිනුමක්, උත්සාක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින්ද, සාන්ත තෝමස් විදුහල උත්සාක දිනුමක් සහ දඬුවම් පහරක් මගින්ද ලකුණු ලබාගත්තේය. 

දෙවැනි අර්ධය තුළ රාජකීයයන් ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු 12 ක් රැස්කරද්දී, සාන්ත තෝමසුවෝ ගෝල දිනුම් 3 ක් මගින් ලකුණු 21 ක් රැස්කිරීමට සමත් වූහ. එහෙත් පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව තරගයෙන් ලකුණක තියුණු ජයක් ලැබීමට රාජකීයයන්ට හැකි වූහ. 

එහිදී රාජකීය විදුහල වෙනුවෙන් දසිස් පතිරණ උත්සාහක දිනුම් 2 ක්ද, අමික සමරසිංහ සහ යෝෂිත සිතුමිණ උත්සාහක දිනුම බැගින්ද ලබාගත් අතර මොහොමඩ් සිමාක් ඉන් උත්සාහක දිනුම් දෙකක ප්‍රවර්ථනයන් මෙන්ම එක් දඬුවම් පහරක්ද සාර්ථක කරගත්තේය. 
සෙසු දඬුවම් පහර සාර්ථක කරගනු ලැබුවේ එද්‍රස් ෆාරුක් විසිනි. 

සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් මයන්ක ඩයස් උත්සාහක දිනුම් 2 ක් වාර්තා කළ අතර තියේෂ අලුවිහාරේ සහ සෙනෙෂ්ක ලියනගුණවර්ධණ එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ. ඉන් උත්සාහක දිනුම් 3 ක ප්‍රවර්ථනයන් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමටද මයන්ක ඩයස් සමත් විය. තරගයේ වීරයා ලෙස රාජකීය විදුහලේ දසිස් පතිරණ සම්මාන දිනාගත්තේය. 


අදහස් (0)

රාජකීයයෝ මයිකල් ගුණරත්න කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.